Day: January 17, 2022

Breaking: ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පීනි නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඉතාලියේ මිලානෝ නුවරදී අභාවප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 71 ක්. හෘදයාබාධයක් හේතුවෙන් මියයනවිට ඇය මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙස සේවය කරමින් සිටියා. මාස්ටර් සර් / මේ අවන්හලේ / ඈත දුරක දෑස පාවෙලා / දවසක්දා රෑ වසන්ත සැණකෙළියේ වැනි ජනප්‍රිය ගීත රැසක් නීලා වික්‍රමසිංහ මහත්මිය විසින් ගායනා කර තිබෙනවා. මිලානෝ කොන්සල් ජනරාල් ලෙස ඇය විසින් වැඩ භාරගෙන ගතවී තිබුණේ දින 07 ක් වැනි කෙටි

Read More »

ඩොලර් 04 රැපිඩ් කට්ටල ඩොලර් 500 කට අලෙවි කල සුපිරි වෙළඳසැල් හිමියන්ට ඩොලර් මිලියන 10 ක දඩ

ඉතා අධික මිළ ගණන් යටතේ රැපිඩ් ඇන්ටිජන් කට්ටල අලෙවි කරන සුපිරි වෙළඳ සැල් හිමියන්ට ඩොලර් මිලියන 10 ක උපරිමයක් දක්වා වන දඩ පැණවීමට ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම සූදානම් වනවා. ඇතැම් වෙළඳසැල් විසින් පරීක්ෂා උපකරණ 02 ක් සහිත කට්ටලයක් ඩොලර් 500 ක් වැනි ඉහළ මිලකට අලෙවි කල අවස්ථා පිළිබඳ පවා තොරතුරු ලැබී ඇති බවයි කොමිසම කියාසිටියේ. මේ හා සමාන අක්‍රමිකතා පිළිබඳ දෛනිකව පැමිණිලි 150 ක් පමණ ලැබෙන බවද ඔවුන් අනාවරණය කරනවා. එබැවින් වෙළඳසැලේ ප්‍රමාණය මත පදනම්ව දඩ

Read More »

වික්ටෝරියා Skilled Visa අලුත්ම තොරතුරු මෙන්න

2021/22 වර්ෂය සඳහා වික්ටෝරියා Skilled Visa වැඩසටහන යටතේ පසුගිය දෙසැම්බර් 31 වනදා වනවිට RoI ඉදිරිපත් කල 10,308 දෙනෙකු අතුරින් 1,715 දෙනෙකුට nomination නිකුත් කර තිබෙනවා. ඉන් 1,444 දෙනෙකු subclass 190 යටතේ වීසා අයදුම්පත් ඉදිරිපත් කර තිබූ අතර subclass 491 යටතේ 199 දෙනෙකු වීසා අයදුම් කර ඇති බව සඳහන්. සමස්ත වසර සඳහා වික්ටෝරියා ප්‍රාන්තය විසින් Skilled nomination visa (subclass 190) යටතේ වෙන් කර ඇති වීසා බලපත් සංඛ්‍යාව 3,500 ක් වන අතර Skilled Work Regional (Provisional) visa (subclass

Read More »

සේවිකාවන් ඇඳුම් මාරුකරන හැටි වීඩියෝ කල මෙල්බන් පිරිමි Nurse ට වසර 10 ක තහනමක්

රෝගියෙකුට ලිංගික හිංසන සිදුකල සහ සහෝදර කාර්ය මණ්ඩල සාමාජිකාවන් ඇඳුම් මාරු කරන අයුරු වීඩියෝ කල මෙල්බන් රෝහලක හෙද නිළධාරියෙකුට වසර 10 ක් යන තුරු සේවයේ නිරතවීම තහනම් කර තිබෙනවා. Monash House පුද්ගලික රෝහලේ වැසිකිළි සහ විවේකාගාරවල රහසිගත කැමරා සවි කිරීම සම්බන්ධයෙන් සැකපිට මොහු අත්අඩංගුවට ගෙන තිබුණේ 2019 වසරේදීයි. එම රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගී කාන්තාවකට ලිංගික හිංසන කිරීම සම්බන්ධයෙන්ද සැකකරුට චෝදනා පවතිනවා. මෙම තැනැත්තාට පළමුවෙන් මාස 06 ක සිර දඩුවම් සහ මාස 18 ක ප්‍රජා

Read More »