ඩොලර් 04 රැපිඩ් කට්ටල ඩොලර් 500 කට අලෙවි කල සුපිරි වෙළඳසැල් හිමියන්ට ඩොලර් මිලියන 10 ක දඩ

ඉතා අධික මිළ ගණන් යටතේ රැපිඩ් ඇන්ටිජන් කට්ටල අලෙවි කරන සුපිරි වෙළඳ සැල් හිමියන්ට ඩොලර් මිලියන 10 ක උපරිමයක් දක්වා වන දඩ පැණවීමට ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම සූදානම් වනවා.

ඇතැම් වෙළඳසැල් විසින් පරීක්ෂා උපකරණ 02 ක් සහිත කට්ටලයක් ඩොලර් 500 ක් වැනි ඉහළ මිලකට අලෙවි කල අවස්ථා පිළිබඳ පවා තොරතුරු ලැබී ඇති බවයි කොමිසම කියාසිටියේ.

මේ හා සමාන අක්‍රමිකතා පිළිබඳ දෛනිකව පැමිණිලි 150 ක් පමණ ලැබෙන බවද ඔවුන් අනාවරණය කරනවා.

එබැවින් වෙළඳසැලේ ප්‍රමාණය මත පදනම්ව දඩ අය කෙරෙන ක්‍රමයක් හැකි ඉක්මණින් ප්‍රකාශයට පත් කරන බවයි ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම සඳහන් කරන්නේ.

දැනට අනුමැතිය දී ඇත්තේ එක් රැපිඩ් කට්ටලයක් ඩොලර් 4 ත් 11 ත් අතර මිළකට අලෙවි කිරීමටයි.

https://www.9news.com.au/national/australia-rat-test-pricing-consumer-watchdog-to-enforce-outrageous-prices/2dff5019-3666-4eca-b099-553c690f5a6a