උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

කැෆේ පෙරි (Café Perri) නම් මෙම අවන්හල තුළ තවමත් කෝපි එකක් අලෙවි කරනු ලබන්නේ ඩොලර් 2යි ශත 50ක් වැනි මුදලකටයි.

මෙම මිල අඩුවීම මෙන්ම එහි ඇති ආකර්ශනීය පාරිභෝගික සේවාව හේතුවෙන් විශාල පිරිසකගේ පැමිණීම සිදුවන බව සඳහන්.

එහි එස්ප්‍රෙසෝ කෝපි කෝප්පයක් ඩොලර් 2යි ශත 50ක් වන අතර කැපුචිනෝවක් ඩොලර් 3ක් වැනි මුදලකට ලබාගත හැකි බවයි පැවසෙන්නේ.

මිල අඩු මට්ටමක තබා ගැනීම තම මූලික අරමුණ වන අතර තරඟකාරී අලෙවිසැල්වලට වඩා මිල අඩු වුව ද ලබාදෙන ප්‍රමාණය වැඩි බව මෙම අවන්හලේ හිමිකරු ජිමී පෙරී සඳහන් කළා.

අඩු මිලකට උසස් තත්ත්වයේ පානයක් ලබාදීම තම ප්‍රතිපත්තිය බවයි ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී Melbourne හි CBD සිට පැමිණි දිනයේ සිට කැෆේ පෙරි ආයතනයට විශ්වාසවන්ත පාරිභෝගික පදනමක් නිර්මාණය වී ඇති බව හෙළිවී තිබෙනවා.

මෙම ආයතනයේ ආහාර මෙනුව ද දැරිය හැකි මිලක පවතින අතර පැස්ටා ඩොලර් 5ක් වැනි සුළු මුදලකට සහ පීසා ඩොලර් 7ක් වැනි මුදලකින් ලබා ගත හැකියි.

මෙල්බන්හි ඇතැම් තරගකාරී අවන්හල් හිමිකරුවන් සඳහන් කර ඇත්තේ මෙම මිළ ගණන් දීර්ඝ කාලීනව පවතින එකක් නොවන බවයි.

කෙසේවෙතත් තමන් ඉක්මනින් මිල වැඩි කිරීමට අදහස් නොකරන බව හිමිකරු වන ජිමී පෙරී අවධාරණය කර තිබෙනවා.

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »