Search

“ළාබාලතම කලාකරුවා” ගිනස් වාර්තාව ඝානාවෙන්

ළාබාලතම කලාකරුවා ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට ඝානාවේ කුඩා පිරිමි ළමයෙකු සමත්ව තිබෙනවා.

ඒස් ලියාම් නම්වූ අවුරුද්දක් වයසැති දරුවා මාස 6 සිට චිත්‍ර ඇදීමට ප්‍රියතාවක් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වඩාත් නිර්මානශීලී චිත්‍ර ඇදිමේ ළාබාලතම දරුවා ලෙසයි ඔහු වාර්තා අතරට එක්වන්නේ.

මීට පෙර මෙම වාර්තාව වයස අවුරුදු 3ක ඇමරිකානු දරුවෙකු 2003 වසරේදී පිහිටුවා ඇති අතර ඒස් ලියාම් මෙම වාර්තාව අලුත් කිරීමට සමත්වුණා.

දරුවා පසුගිය ජනවාරි 18 සිට ජනවාරි 20 දක්වා කාලය තුළ ඇක්‍රා හිදී ගිනස් ලෝක වාර්තා තබා ඇති අතර මෙය නිවේදනය කරනු ලැබුවේ පසුගිය 14 වනදා පැවති මාධ්‍ය හමුවකදී යි.

මාස 5ක වයසේ සිට ඝානාවේ කුඩා දරුවා විසින් ඇඳ ඇති චිත්‍ර වඩාත් ආකර්ෂණීය බවයි වාර්තා වන්නේ.

කිසියම් හැකියාවකට හොද දක්ෂතාවයකට වයස් දභේයක් නොමැති අතර ඒස් ලියාම්ගේ මව සඳහන් කළේ තම දරුවාගේ දක්ෂතා කුඩා කල සිට හඳුනාගෙන තිබූ බවයි.

මේ වන විට ලියාම්ගේ චිත්‍ර 9ක් වැඩි මිලට ඝානාවේ පැවති චිත්‍ර ප්‍රදර්ශනයක දී අලෙවි වී ඇති අතර ඝානාවේ ජනාධිපති ආර්‍යාව වූ රෙබෙකා අකුෆෝ වෙතටද ඔහු චිත්‍රයක් ලබා දී තිබෙනවා.

ජනාධිපති ආර්‍යාව කියාසිටියේ කුඩා වයසේදි මෙලෙස දරුවෙක් වාර්තාවක් පිහිටුවීම තම රටට ද මහත් ආඩම්බරයක් බවයි.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »