Breaking: ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පීනි නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඉතාලියේ මිලානෝ නුවරදී අභාවප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 71 ක්.

හෘදයාබාධයක් හේතුවෙන් මියයනවිට ඇය මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙස සේවය කරමින් සිටියා.

මාස්ටර් සර් / මේ අවන්හලේ / ඈත දුරක දෑස පාවෙලා / දවසක්දා රෑ වසන්ත සැණකෙළියේ වැනි ජනප්‍රිය ගීත රැසක් නීලා වික්‍රමසිංහ මහත්මිය විසින් ගායනා කර තිබෙනවා.

මිලානෝ කොන්සල් ජනරාල් ලෙස ඇය විසින් වැඩ භාරගෙන ගතවී තිබුණේ දින 07 ක් වැනි කෙටි කාලයක් පමණයි.

ඩොලර් 100 නෝට්ටුව ගැන ජනතාවට දැනුම්දීමක්

විදෙස් රටකදී ඔස්ට්‍රේලියානු ඩොලර් 100 නෝට්ටුවක් මාරු කිරීමට යාමේදී සිදු වූ අපහසුතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියා සංචාරකයෙකු විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන් බලා ආ ගුවන් යානයක කලබලයක් නිසා හදිසි ගොඩබැස්වීමක්

පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ වර්ජින් සමාගමේ යානයක් මගියෙකුගේ කලහකාරී හැසිරීමක් හේතුවෙන් නැවත පර්ත් වෙත හදිසි ගොඩබැස් වීමක් සිදු කර තිබෙනවා.

Read More »

සිඩ්නි Cooks ගං ඉවුරේ දරු ප්‍රසූතියක් කළ මව සොයා මෙහෙයුම්

සිඩ්නිහි කුක්ස් ගං ඉවුරේදී කාන්තාවක් දරු ප්‍රසූතියක් සිදු කර ඇති බවට සාක්ෂි හමුවීම හේතුවෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ ගිනි අවි සම්බන්ධ නීති දැඩි කිරීමට පියවර

පසුගියදා පර්ත්හි සිදුවූ වෙඩි තැබීමකින් මවක් සහ ඇයගේ දියණිය ඝාතනයෙන් පසු ගිනි අවි සම්බන්ධ නීති දැඩි කරන බවට බටහිර ඔස්ට්‍රේලියානු අගමැති රොජර් කුක් පොරොන්දු වී තිබෙනවා.

Read More »