වික්ටෝරියා Skilled Visa අලුත්ම තොරතුරු මෙන්න – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා Skilled Visa අලුත්ම තොරතුරු මෙන්න

වික්ටෝරියා Skilled Visa අලුත්ම තොරතුරු මෙන්න

2021/22 වර්ෂය සඳහා වික්ටෝරියා Skilled Visa වැඩසටහන යටතේ පසුගිය දෙසැම්බර් 31 වනදා වනවිට RoI ඉදිරිපත් කල 10,308 දෙනෙකු අතුරින් 1,715 දෙනෙකුට nomination නිකුත් කර තිබෙනවා.

ඉන් 1,444 දෙනෙකු subclass 190 යටතේ වීසා අයදුම්පත් ඉදිරිපත් කර තිබූ අතර subclass 491 යටතේ 199 දෙනෙකු වීසා අයදුම් කර ඇති බව සඳහන්.

සමස්ත වසර සඳහා වික්ටෝරියා ප්‍රාන්තය විසින් Skilled nomination visa (subclass 190) යටතේ වෙන් කර ඇති වීසා බලපත් සංඛ්‍යාව 3,500 ක් වන අතර Skilled Work Regional (Provisional) visa (subclass 491) යටතේ වෙන් කර ඇති වීසා අයදුම්පත් ගණන 500 කි.

පසුගිය දෙසැම්බර් 31 වනදා වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ Subclass 190 යටතේ 8,929 දෙනෙකු ROI ඉදිරිපත් කර තිබූ අතර ඉන් 1,505 දෙනෙකුට වීසා අයදුම් කිරීම සඳහා ආරාධනා කර ඇත.

මෙම කාලයේදි Subclass 491 යටතේ 1,379 දෙනකු ROI ඉදිරිපත් කර තිබූ අතර ඉන් 210 දෙනෙකුට වීසා අයදුම් කිරීම සඳහා ආරාධනා කර ඇත.

ආරාධනා ලැබූවන් අතුරින් 449 දෙනෙකු ICT professionals වන අතර ක්ෂේත්‍රවලින් 448 දෙනෙකි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 409 දෙනෙකුත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ 200 දෙනෙකුත් ආරාධනා ලැබූවන් අතර වෙයි.

Visa update: Victoria invited 1,715 applicants to apply for state nomination so far

COMMENTS