
ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන ලෙසටයි.
http://www.srilankaevisa.lk වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර වීසා ලබා දීම වෙනුවෙන් මුදල් ලබා ගැනීමේ වංචනික ක්‍රියා සිදුවන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.

මෙම අනවසර වෙබ් අඩවි තුලින් වීසා අයදුම්කරුවන් වංචාවලට ගොදුරු වීම පිළිබඳව කනස්සල්ලක් මතුව ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
පසුගිය 17 වනදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය හා මාර්ග ගත ක්‍රමවේදය ආරම්භ කරනු ලැබුවේ සංචාරකයන්ගේ පහසුව ඉලක්ක කර ගනිමින්.

ඒ සමග මතුවූ මෙම ගැටළුව විසඳීම සඳහා www.immigration.gov.lk හි නිල මුල් පිටුව හරහා පමණක් මාර්ග ගත වීසා බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
ආරක්ෂිත සහ නීත්‍යානුකූල ගනුදෙනු සහතික කිරීම සඳහා වෙබ් අඩවියේ නම් කර ඇති ඊ-වීසා සබැඳිය පමණක් භාවිතා කරන ලෙසටයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.