බිළිඳු දරුවන් දරුකමට හදාගැනීමට දීම ශ්‍රී ලංකාවේ ඉහළට /ගබ්සාවත් ඉහළට

බිළිඳු දරුවන් වෙනත් පුද්ගලයන්ට දරුකමට හදා ගැනීම සඳහා ලබාදීම ශ්‍රී ලංකාවේ ගොස් තිබෙනවා.

රට තුළ පවතින ආර්ථික අර්බුද ඊට හේතුවක් බවයි සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

එමෙන් ම ආර්ථික ප්‍රශ්න, අනියම් සබඳතා වැනි සමාජීය ප්‍රශ්න දරුවන් දරුකමට හදා ගැනීම සඳහා වෙනත් පුද්ගලයන්ට ලබාදීම ඉහළ ගොස් ඇති බව සඳහන්.

සාමාන්‍යයෙන් වසරක දී දරුවන් 1700ක් පමණ එලෙස දරුකමට හදා ගැනීම සඳහා වෙනත් පුද්ගලයින්ට ලබා දී ඇති බව රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එහි දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් (සිවිල් ලියාපදිංචි කිරීම්) නීතිඥ ලක්ෂිකා ගනේපොළ මහත්මිය ප්‍රකාශ කළේ, ඉන් දරුවන් සැලකිය යුතු පිරිසක් විදේශිකයන්ට ලබා දී ඇති බවයි.

මවුපියන් දරුවන් වෙනත් පුද්ගලයන්ට ලබාදීමේ දී ඒ පිළිබඳ තොරතුරු රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට ලබා දිය යුතුයි.

එම තොරතුරු පරීක්ෂා කිරීමේ දී මේ බව අනාවරණ වී තිබෙනවා.

මේ අතර රටේ ගබ්සා කිරීම්ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි, පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »