Search

සේවිකාවන් ඇඳුම් මාරුකරන හැටි වීඩියෝ කල මෙල්බන් පිරිමි Nurse ට වසර 10 ක තහනමක්

රෝගියෙකුට ලිංගික හිංසන සිදුකල සහ සහෝදර කාර්ය මණ්ඩල සාමාජිකාවන් ඇඳුම් මාරු කරන අයුරු වීඩියෝ කල මෙල්බන් රෝහලක හෙද නිළධාරියෙකුට වසර 10 ක් යන තුරු සේවයේ නිරතවීම තහනම් කර තිබෙනවා.

Monash House පුද්ගලික රෝහලේ වැසිකිළි සහ විවේකාගාරවල රහසිගත කැමරා සවි කිරීම සම්බන්ධයෙන් සැකපිට මොහු අත්අඩංගුවට ගෙන තිබුණේ 2019 වසරේදීයි.

එම රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගී කාන්තාවකට ලිංගික හිංසන කිරීම සම්බන්ධයෙන්ද සැකකරුට චෝදනා පවතිනවා.

මෙම තැනැත්තාට පළමුවෙන් මාස 06 ක සිර දඩුවම් සහ මාස 18 ක ප්‍රජා විශෝධන ක්‍රියාකාරකම් (community corrections order) නියම කෙරුණා.

එහෙත් the Nursing and Midwifery Board of Australia විසින් වික්ටෝරියා ඉහළ අධිකරණයකට නඩුව යොමු කිරීමත් සමගයි ඉහළ දඩුවමක් පණවා ඇත්තේ.

https://7news.com.au/news/crime/vic-male-nurse-banned-from-health-sector-c-5339430

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »