Day: December 20, 2021

Ambulance Victoria සේවක හිගය හේතුවෙන් හදිසි ප්‍රතිකාර අඩාලයි

Ambulance Victoria හි සේවක හිගය හේතුවෙන් ඇතැම් හදිසි ප්‍රතිකාර සැපයීම පවා අඩාල වන බවට හෙළිවී තිබෙනවා. අසාධ්‍ය තත්වයෙන් උපකාර ඉල්ලා සිටින ජනතාවට ඉක්මණින් ප්‍රතිචාර දැක්වීම ප්‍රමාදවීමටද එය හේතුවී ඇති බවයි Victorian Ambulance Union සඳහන් කරන්නේ. ගිලන් රථ පැමිණිම ප්‍රමාදවීම හමුවේ මරණ සිදුවූ අවස්ථා කිහිපයක්ම පසුගිය කාලයේදී වාර්තාවුණා. කෙසේවෙතත් Ambulance Victoria අවධාරණය කරන්නේ වඩාත් අසාධ්‍ය රෝගීන්ට පළමුවෙන් ප්‍රතිකාර සැපයීම සිදුකෙරෙන බවයි. එමෙන්ම සේවක හිගය මගහරවාලීම සඳහා ඉදිරියේදී පියවර ගැනීමට නියමිත බවද ඔවුන් ප්‍රකාශ කරනවා. https://www.9news.com.au/national/paramedic-shortages-cripple-ambulance-victoria-as-multiple-areas-left-unmanned/8876cad8-1a0d-4d93-b033-6b237a638ecc

Read More »

නිව් සවුත් වේල්ස් මුව ආවරණ අනිවාර්ය කිරීමට ප්‍රාන්ත අගමැති විරුද්ධ වෙයි

මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට සිදුකළ ඉල්ලීම්වලට තමන් විරුද්ධ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet පැවසුවේය. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ආරක්ෂිතව විවෘත කළ හැකි බවට තමාට විශ්වාසයක් ඇති බවයි ඔහු සඳහන් කලේ. ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 2,501 ක් හමුවී ඇති අතර කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නොමැත. මේ අතර දින 04 කදී ආසාධිතයන් 10,000 කට ආසන්න පිරිසක් වාර්තා වුවද ප්‍රාන්ත සීමා දැඩි කරන ලෙස ඉදිරිපත් වූ

Read More »
NATIONAL CABINET

අගමැති මොරිසන් හදිසි ජාතික කැබිනට් රැස්වීමක් කැඳවයි

රට පුරා ඔමික්‍රොන් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග අගමැති ස්කොට් මොරිසන් විසින් හෙට (21) දිනයේදී හදිසි ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා. නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත කෙරෙහියි එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ. ජාතික කැබිනට් මණ්ඩලය ලබන වසර තෙක් රැස්වීමට නියමිතව තිබුණේ නැහැ. එහෙත් පවතින තත්වය අවදානම් බැවින් අගමැතිවරයා විසින් මෙලෙස හදිසි රැස්වීමක් කැඳවා ඇති බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් නත්තල් උත්සවයට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී කිසිදු ආකාරයක සීමා පැණවීමක් නොකරන ලෙසද ඔහු ඊයේ

Read More »

ඔමික්‍රොන් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වෙනුවෙන් වික්ටෝරියා නිරෝධායන රෙගුලාසි සංශෝධනයක්

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බවට පත්වූවන් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක නිරෝධායන රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින ආශ්‍රිතයෙකු සිටී නම් ඔහු හෝ ඇය කොවිඩ් සෘණාත්මක බවට තහවුරු වීමෙන් පසු තවදුරටත් දින 07 ක් නිරෝධායනය විය යුතු වන්නේ නැහැ. ඊයේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ඔමික්‍රොන් ප්‍රභේද ආසාධිතයන් 13 දෙනෙකු හඳුනාගෙන තිබිණ. මේ අතර නත්තල් සමය එළැඹීමත් සමග අති විශාල පිරිසක් කොවිඩ් පරීක්ෂණ ස්ථාන වෙත පැමිණෙන ආකාරයක්ද දක්නට ලැබේ. එබැවින් එම ස්ථානවල

Read More »

Byron Bay දින 07 ක් ලොක්ඩවුන් කල තරුණයාට ඩොලර් 35,000 ක දඩයක්

කොවිඩ් මර්දන රෙගුලාසි කඩ කරමින් කටයුතු කල 19 හැවිරිදි තරුණයෙකුට නිවු සවුත් වේල්ස් අධිකරණයක් විසින් ඩොලර් 35,000 ක දඩයක් පණවනු ලැබ තිබේ. මෙම තරුණයා සහ පියා යන දෙදෙනාටම කොවිඩ් වැළඳී තිබූ අතර ඔවුන් ඒ බව වසන් කරමින් සමාජ ශාලා ඇතුලු ප්‍රසිද්ධ ස්ථාන වෙත ගොස් තිබූ බව සඳහන්. ඒ ආශ්‍රිතව කොවිඩ් ආසාධිතයන් රැසක් හමුවීමත් සමග Byron Bay ප්‍රදේශය දින 07 කට ලොක්ඩවුන් කිරීමටද සෞඛ්‍ය අංශවලට සිදුවී තිබුණා. මෙම කරුණු සියල්ල සැළකිල්ලට ගෙන චෝදනා 04 ට වෙන වෙනම

Read More »