Ambulance Victoria සේවක හිගය හේතුවෙන් හදිසි ප්‍රතිකාර අඩාලයි

Ambulance Victoria හි සේවක හිගය හේතුවෙන් ඇතැම් හදිසි ප්‍රතිකාර සැපයීම පවා අඩාල වන බවට හෙළිවී තිබෙනවා.

අසාධ්‍ය තත්වයෙන් උපකාර ඉල්ලා සිටින ජනතාවට ඉක්මණින් ප්‍රතිචාර දැක්වීම ප්‍රමාදවීමටද එය හේතුවී ඇති බවයි Victorian Ambulance Union සඳහන් කරන්නේ.

ගිලන් රථ පැමිණිම ප්‍රමාදවීම හමුවේ මරණ සිදුවූ අවස්ථා කිහිපයක්ම පසුගිය කාලයේදී වාර්තාවුණා.

කෙසේවෙතත් Ambulance Victoria අවධාරණය කරන්නේ වඩාත් අසාධ්‍ය රෝගීන්ට පළමුවෙන් ප්‍රතිකාර සැපයීම සිදුකෙරෙන බවයි.

එමෙන්ම සේවක හිගය මගහරවාලීම සඳහා ඉදිරියේදී පියවර ගැනීමට නියමිත බවද ඔවුන් ප්‍රකාශ කරනවා.

https://www.9news.com.au/national/paramedic-shortages-cripple-ambulance-victoria-as-multiple-areas-left-unmanned/8876cad8-1a0d-4d93-b033-6b237a638ecc

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »