නිව් සවුත් වේල්ස් මුව ආවරණ අනිවාර්ය කිරීමට ප්‍රාන්ත අගමැති විරුද්ධ වෙයි

මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට සිදුකළ ඉල්ලීම්වලට තමන් විරුද්ධ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet පැවසුවේය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ආරක්ෂිතව විවෘත කළ හැකි බවට තමාට විශ්වාසයක් ඇති බවයි ඔහු සඳහන් කලේ.

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 2,501 ක් හමුවී ඇති අතර කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නොමැත.

මේ අතර දින 04 කදී ආසාධිතයන් 10,000 කට ආසන්න පිරිසක් වාර්තා වුවද ප්‍රාන්ත සීමා දැඩි කරන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

බූස්ටර් මාත්‍රාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ප්‍රමුඛ කාර්යය විය යුතු බවයි ඔහු අවධාරණය කලේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »