Byron Bay දින 07 ක් ලොක්ඩවුන් කල තරුණයාට ඩොලර් 35,000 ක දඩයක්

කොවිඩ් මර්දන රෙගුලාසි කඩ කරමින් කටයුතු කල 19 හැවිරිදි තරුණයෙකුට නිවු සවුත් වේල්ස් අධිකරණයක් විසින් ඩොලර් 35,000 ක දඩයක් පණවනු ලැබ තිබේ.

මෙම තරුණයා සහ පියා යන දෙදෙනාටම කොවිඩ් වැළඳී තිබූ අතර ඔවුන් ඒ බව වසන් කරමින් සමාජ ශාලා ඇතුලු ප්‍රසිද්ධ ස්ථාන වෙත ගොස් තිබූ බව සඳහන්.

ඒ ආශ්‍රිතව කොවිඩ් ආසාධිතයන් රැසක් හමුවීමත් සමග Byron Bay ප්‍රදේශය දින 07 කට ලොක්ඩවුන් කිරීමටද සෞඛ්‍ය අංශවලට සිදුවී තිබුණා.

මෙම කරුණු සියල්ල සැළකිල්ලට ගෙන චෝදනා 04 ට වෙන වෙනම දඩ නියම කර ඇති අතර ඒවායෙහි එකතුව ඩොලර් 35,000 ක් වනවා.

සර්බියානු සම්භවයක් සහිත මෙම තරුණයා සහ පියා මේ වනවිට එරට සිටින අතර නැවත ඔස්ටේ්‍රලියාවට පැමිණිමෙන් පසු දඩ අය කර ගැනීමට නියමිතයි.

https://www.7news.com.au/news/crime/sentence-for-son-who-caused-byron-lockdown-c-5014295

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »