අගමැති මොරිසන් හදිසි ජාතික කැබිනට් රැස්වීමක් කැඳවයි

NATIONAL CABINET

රට පුරා ඔමික්‍රොන් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග අගමැති ස්කොට් මොරිසන් විසින් හෙට (21) දිනයේදී හදිසි ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා.

නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත කෙරෙහියි එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ.

ජාතික කැබිනට් මණ්ඩලය ලබන වසර තෙක් රැස්වීමට නියමිතව තිබුණේ නැහැ.

එහෙත් පවතින තත්වය අවදානම් බැවින් අගමැතිවරයා විසින් මෙලෙස හදිසි රැස්වීමක් කැඳවා ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් නත්තල් උත්සවයට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී කිසිදු ආකාරයක සීමා පැණවීමක් නොකරන ලෙසද ඔහු ඊයේ දිනයේදී ප්‍රාන්ත ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියා.

https://www.7news.com.au/lifestyle/health-wellbeing/prime-minister-scott-morrison-calls-emergency-national-cabinet-meeting-as-omicron-cases-mount-across-the-country–c-5024591

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »