ඔමික්‍රොන් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වෙනුවෙන් වික්ටෝරියා නිරෝධායන රෙගුලාසි සංශෝධනයක්

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බවට පත්වූවන් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක නිරෝධායන රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින ආශ්‍රිතයෙකු සිටී නම් ඔහු හෝ ඇය කොවිඩ් සෘණාත්මක බවට තහවුරු වීමෙන් පසු තවදුරටත් දින 07 ක් නිරෝධායනය විය යුතු වන්නේ නැහැ.

ඊයේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ඔමික්‍රොන් ප්‍රභේද ආසාධිතයන් 13 දෙනෙකු හඳුනාගෙන තිබිණ.

මේ අතර නත්තල් සමය එළැඹීමත් සමග අති විශාල පිරිසක් කොවිඩ් පරීක්ෂණ ස්ථාන වෙත පැමිණෙන ආකාරයක්ද දක්නට ලැබේ.

එබැවින් එම ස්ථානවල දැඩි තදබදයක් පැවතිය හැකි බැවින් සන්සුන්ව කටයුතු කරන ලෙස වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් සිදුකරනවා.

https://www.9news.com.au/national/coronavirus-victoria-updates-covid-19-test-surge-expected-clinics-shut-down/2c485cb9-a6b9-4dc5-89ec-ff8eadec7e7f

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »