Day: December 14, 2021

හෙට සිට ටස්මේනියා ප්‍රාන්තයේ සංචාරය කිරීමට වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට අවස්ථාව

හෙට (15) සිට ටස්මේනියා ප්‍රාන්තයේ සංචාරය කිරීමටද වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට අවස්ථාව උදාවනවා. ඒ ටස්මේනියා ප්‍රාන්ත සීමා හෙට දිනයේදී විවෘත කිරීමත් සමගයි. මේ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඕනෑම අයෙකුට කිසිදු අවහිරයකින් තොරව ටස්මේනියා ප්‍රාන්තයට ඇතුලුවිය හැකි වනවා. ඔවුන් පැය 72 කට පෙර ලබාගත් සෘණාත්මක කොවිඩ් පරීක්ෂණ වාර්තාවක්ද ඉදිරිපත් කල යුතු බවයි සෞඛ්‍ය අංශ දන්වා සිටින්නේ. මේ අතර ජාත්‍යන්තර සිසුන් සහ පුහුණු ශ්‍රමිකයන් ඇතුලු වීසා කාණ්ඩ 28 ක් දරන්නන්ට හෙට සිට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට අවසර හිමිවනවා.

Read More »

ඔස්ටේ්‍රලියාවේ වැඩියෙන්ම වැටුප් ලැබෙන ප්‍රාන්තය මෙන්න

පසුගිය වසර හා සැසඳීමේදී මෙම වසරේදී ඔස්ටේ්‍රලියානුවෙකු උපයන සතිපතා වැටුප ඩොලර් 50 කින් පමණ ඉහළ ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා. මෙම වසරේ අගෝස්තු මාසයේදී මැදි වැටුප් ලබන ඔස්ටේ්‍රලියානුවෙකු උපයන ලද සතිපතා වැටුප ඩොලර් 1200 ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එහෙත් 2020 වසරේ අගෝස්තු මාසයේදී එය ඩොලර් 1150 ක් ලෙස පැවතුණා. මෙහිදී හෙළිවී තවත් සුවිශේෂී කරුණක් වන්නේ පසුගිය වසර 06 පුරා කාන්තාවන් පූර්ණකාලීනව සේවයේ නිරතවීම හා වැටුප් ඉපැයීම ඉහළ ගොස් ඇති බවයි. ප්‍රාන්ත ලෙස සැළකීමේදී වැඩිම වැටුපක්

Read More »

නවසීලන්ත දේශ සීමා විවෘත කිරීම යළිත් වැට උඩ ??

ලබන ජනවාරි 17 වනදා සිට දේශ සීමා විවෘත කිරීමට ගෙන ඇති තීරණය නැවත සළකා බලන බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් ප්‍රකාශ කර තිබෙනවා. ඔමික්‍රොන් ප්‍රභේදය හමුවේ රට නැවතත් අවදානම් තත්වයකට පත් කිරීමට තමන් කිසිදු අවස්ථාවක අපේක්ෂා නොකරන බවයි ඇය කියාසිටියේ. අද වනවිට නවසීලන්තයේ එන්නත්කරණ ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 89 ක් ලෙසයි. කෙසේවෙතත් අගමැතිනියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ පක්ෂ ඇතුලු පාර්ශව කිහිපයක් විරුද්ධත්වය පළකර තිබෙනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් රැසක් පෙන්වා දී ඇත්තේ සිය ව්‍යාපාර කඩාවැටිමකින් තොරව පවත්වාගෙන යාමට

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ඔමික්‍රොන් ආසාධිතයන් 03 ක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ආසාධිතයන් 03 දෙනෙකු හමුවී තිබෙනවා. ඒ අනුව ප්‍රාන්තයෙන් හමුවූ මුලු ඔමික්‍රොන් ආසාධිතයන් ගණන 06 දක්වා ඉහළ යනු ඇති. ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ සැකකටයුතු තවත් 09 දෙනෙකු පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවයි. අද තහවුරු වූ ආසාධිතයන් 03 දෙනාගෙන් 02 දෙනෙකු පසුගිය 30 වනදා ඩුබායි සිට මෙල්බන් පැමිණ තිබිණ. 03 වැන්නා පෙර ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව සෞඛ්‍ය අංශ පවසයි. https://www.9news.com.au/national/three-new-omicron-cases-found-in-victoria-nine-suspected-cases-being-investigated/b4ad3542-2bb4-4be3-8434-b69c6e81e670

Read More »

නමක් වෙනස් කරන්න ඩොලර් ලක්ෂ 05 ක් වියදම් කරන මෙල්බන් නගර සභාවක්

මෙල්බන් Moreland හි නගර පරිපාලනයේ නම වෙනස් කිරීම හේතුවෙන් ඉදිරි වසර 02 තුළදී ඩොලර් ලක්ෂ 05 කට වැඩි මුදලක් වියදම් වනු ඇති බවට තක්සේරු කර තිබෙනවා. නාම පුවරු වෙනස් කිරීම – අන්තර්ජාලය ඇතුලු සියලු ඩිජිටල් ක්‍රමයන් හි වෙනස්කම් කිරීම – නිල ඇඳුම්වල නම වෙනස් කිරීම සහ වාහන අලුතින් පින්තාරු කිරීම වැනි කටයුතු සඳහායි මෙම මුදල් වැයවනු ඇති බවට ගණන් බලා ඇත්තේ. Moreland යනු 18 වන සියවසේ ජැමෙයිකානු වහල් කලාපයක් බවට හෙළිවීම හේතුවෙනුයි මෙලෙස නම වෙනස් කිරිමට Moreland

Read More »