Day: December 14, 2021

නත්තල් සාද හේතුවෙන් ඔස්ටේ‍රලියාව තුළ ඔමික්‍රොන් සීඝ්‍ර ව්‍යාප්තියක අනතුරු ඇගවීමක්

ඉදිරි නත්තල් සාද හේතුවෙන් ඔස්ටේ‍රලියාව තුළ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. රාත්‍රී සමාජ ශාලාවක පැවති සාදයක් හේතුවෙන් සිඩ්නි නගරයේ කොවිඩ් පොකුරක් නිර්මාණය වී ඇති පසුබිමකයි ඔවුන් මෙම දැනුම් දීම සිදුකරනු ලබන්නේ. මෙම පොකුරෙන් දැනටමත් ආසාධිතයන් 84 දෙනෙකු හඳුනාගෙන අවසන්. එමෙන්ම අවන්හල් සහ තැබෑරුම් ආශ්‍රිත රෙගුලාසි හෙට සිට ලිහිල් කිරීමත් සමග තත්වය තවත් භයානක වනු ඇති බවටද සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. එබැවින් හැකි ඉක්මණින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙසටයි ඔස්ටේ්‍රලියානු

Read More »

නිවු සවුත් වේල්ස් කොවිඩ් මර්දන රෙගුලාසි රැසක් හෙට සිට ලිහිල්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් මර්දන රෙගුලාසි රැසක් හෙට සිට ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ ප්‍රාන්තයේ එන්නත්කරණ ප්‍රතිශතය හෙට දිනයේදී සියයට 95 ඉක්මවා යනු ඇති බවට තක්සේරු කර තිබීමත් සමගයි. මේ අනුව පොදු ප්‍රවාහනය – ගුවන් යානා සහ ගුවන් තොටුපළවලදී පමණක් මුහුණු ආවරණය අනිවාර්ය වනු ඇති. අවන්හල් වැනි ස්ථානවලට පැමිණෙන එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයන් සඳහා පණවා ඇති සීමා ගණනාවක්ද ඉවත් කෙරෙන බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිවරයා නිවේදනය කර සිටිනවා. ඊට අමතරව කිව් ආර් කේත

Read More »
NATIONAL CABINET

ප්‍රාන්ත සීමා ලිහිල් කරන්නැයි අගමැති මොරිසන්ගෙන් ඉල්ලීමක්

එක් එක් ප්‍රාන්ත විසින් තවදුරටත් පවත්වාගෙන යන කොවිඩ් සංචරණ සීමා ද ලිහිල් කරන්නැයි අගමැති ස්කොට් මොරිසන් සියලු ප්‍රාන්ත ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඔස්ටේ්‍රලියානුවන්ට වසංගතය අභිබවා පෙරටා යාමට එය වැදගත් වන බවයි සිඩ්නි නුවර ඊයේ පැවති වැඩසටහනකදී අගමැතිවරයා කියාසිටියේ. පෙබරවාරි 05 වනදා සිට ප්‍රාන්ත සීමා ලිහිල් කරන බවට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැතිවරයා කල ප්‍රකාශයද අගමැති මොරිසන්ගේ ප්‍රසාදයට ලක්වුණා. ඔස්ටේ්‍රලියාව හැකි ඉක්මණින් ලෝකය සමග සම්බන්ධ කරවීම සිය බලාපොරොත්තුව බවද අගමැති මොරිසන් මෙහිදී කියාසිටියා. වලංගු වීසා බලපත් සහිත කාණ්ඩ

Read More »

මෙල්බන් පොදු ප්‍රවාහන සේවාවල නොමිළයේ යන්න අවස්ථාවක්

ඉදිරි දිනවලදී මෙල්බන් CBD වෙත වැඩි පිරිසක් ගෙන්වා ගැනීම සඳහා නොමිළයේ ප්‍රවාහන වවුචර්පත් පිරිනැමීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ලබන බ්‍රහස්පතින්දා සිට වවුචර් පත් 250,000 ක් වික්ටෝරියා පොදු ප්‍රවාහන සේවා වෙබ් අඩවිය ඔස්සේ මෙලෙස ලබාගත හැකියි. දෙසැම්බර් සහ ජනවාරි මාසය පුරාවට වලංගු මෙම වවුචරය සඳහා ලියාපදිංචිවීමෙන් පසු ඊ-මේල් ලිපිනයට ලැබෙන අතර එය මුද්‍රණය කරගැනීමට හෝ ජංගම දුරකථනයේ තැන්පත් කරගැනීමට අවස්ථාව පවතිනවා. නත්තල් දිනය පුරා සහ දෙසැම්බර් 31 වනදා වරුවක් පොදු ප්‍රවාහනයේ ගමන් කිරීම නොමිළයේ වන අතර

Read More »