මෙල්බන් පොදු ප්‍රවාහන සේවාවල නොමිළයේ යන්න අවස්ථාවක්

ඉදිරි දිනවලදී මෙල්බන් CBD වෙත වැඩි පිරිසක් ගෙන්වා ගැනීම සඳහා නොමිළයේ ප්‍රවාහන වවුචර්පත් පිරිනැමීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ලබන බ්‍රහස්පතින්දා සිට වවුචර් පත් 250,000 ක් වික්ටෝරියා පොදු ප්‍රවාහන සේවා වෙබ් අඩවිය ඔස්සේ මෙලෙස ලබාගත හැකියි.

දෙසැම්බර් සහ ජනවාරි මාසය පුරාවට වලංගු මෙම වවුචරය සඳහා ලියාපදිංචිවීමෙන් පසු ඊ-මේල් ලිපිනයට ලැබෙන අතර එය මුද්‍රණය කරගැනීමට හෝ ජංගම දුරකථනයේ තැන්පත් කරගැනීමට අවස්ථාව පවතිනවා.

නත්තල් දිනය පුරා සහ දෙසැම්බර් 31 වනදා වරුවක් පොදු ප්‍රවාහනයේ ගමන් කිරීම නොමිළයේ වන අතර ඊට අමතරවයි මෙම නොමිළයේ වවුචර් ක්‍රමය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

දෙසැම්බර් 25 වනදා අලුයම 03 සිට පැය 24 ක කාලයක් සහ දෙසැම්බර් 31 වනදා පස්වරු 06 සිට ජනවාරි 01 වනදා උදාසන 06 දක්වා ප්‍රාන්තය පුරා බස් – දුම්රිය හා ට්‍රෑම් රථ සේවා සියල්ල නොමිළයේ ක්‍රියාත්මකයි.

නත්තල් ඉසව් – කලාගාර – අවන්හල් – රංග කලා සහ වෙළඳසැල් යන කාණ්ඩ 05 ක් සඳහා එක් කාණ්ඩයකට 50,000 ක් බැගින් වවුචර්පත් නිකුත් කෙරෙනු ඇති.

https://7news.com.au/travel/metro-trains/free-festive-public-transport-for-victoria-c-4928306?fbclid=IwAR2jSd9Wp1O3IajNwOHXQsHU4y129xNTRMA1mykRaJbjdZroBXxaCO21Yqg

Credit: JAMES ROSS/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »