Search

නත්තල් සාද හේතුවෙන් ඔස්ටේ‍රලියාව තුළ ඔමික්‍රොන් සීඝ්‍ර ව්‍යාප්තියක අනතුරු ඇගවීමක්

ඉදිරි නත්තල් සාද හේතුවෙන් ඔස්ටේ‍රලියාව තුළ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

රාත්‍රී සමාජ ශාලාවක පැවති සාදයක් හේතුවෙන් සිඩ්නි නගරයේ කොවිඩ් පොකුරක් නිර්මාණය වී ඇති පසුබිමකයි ඔවුන් මෙම දැනුම් දීම සිදුකරනු ලබන්නේ.

මෙම පොකුරෙන් දැනටමත් ආසාධිතයන් 84 දෙනෙකු හඳුනාගෙන අවසන්.

එමෙන්ම අවන්හල් සහ තැබෑරුම් ආශ්‍රිත රෙගුලාසි හෙට සිට ලිහිල් කිරීමත් සමග තත්වය තවත් භයානක වනු ඇති බවටද සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

එබැවින් හැකි ඉක්මණින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙසටයි ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ ජනතාවට දන්වා සිටින්නේ.

https://www.9news.com.au/national/coronavirus-australia-updates-warning-christmas-wave-of-covid-19-omicron-variant/c6005105-88ac-45a1-81ed-254d326c35f5

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »