Day: December 14, 2021

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා 1,189 / නිවු සවුත් වේල්ස් 804

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1189 ක් හමුව ඇත. මරණ 06 ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,051 කි. ඊයේ දිනයේදී (13) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 54,467 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 8433 ක් ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (13) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 804 ක් වාර්තා වි තිබේ. දැනට 168 දෙනෙකු

Read More »

ඔස්ටේ්‍රලියාව තුළ මොඩර්නා නිපදවීමට වික්ටෝරියා ප්‍රාන්තය තුළ නව කර්මාන්ත ශාලාවක්

ඔස්ටේ්‍රලියාව තුළදී මොඩර්නා එන්නත නිපදවීමට අදාළව වික්ටෝරියා ප්‍රාන්තය තුළ නව කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට සැළසුම් කර තිබෙනවා. එමගින් වසරකට නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත මාත්‍රා ප්‍රමාණය මිලියන 100 ක්. ෆෙඩරල් රජය – වික්ටෝරියා රජය සහ මොඩර්නා ආයතනය අතර ඇතිකරගත් එකගතාවය අනුව 2024 වසර වනවිට මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. කොවිඩ් එන්නත්වලට අමතරව වෙනත් උණ රෝග සඳහා වන එන්නත්ද මෙහි නිපදවීමටයි සැළසුම් කර ඇත්තේ. මේ අනුව ඔස්ටේ්‍රලියාව තුළදී නිපදවනු ලබන පළමු mRNA ඝනයට අයත් එන්නත බවට මොඩර්නා

Read More »

දකුණු ඔස්ටේ්‍රලියා නිරෝධායන කාල සීමාව දින 07 කට අඩු කෙරේ

දකුණු ඔස්ටේ‍රලියා ප්‍රාන්තයට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් වෙනුවෙන් පණවා ඇති නිරෝධායන කාල සීමාව දින 07 ක් දක්වා අඩු කර තිබෙනවා. මෙතෙක් එය පැවතියේ දින 14 ක් ලෙසයි. ප්‍රාන්තයේ පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය මේ වනවිට පවතින්නේ සියයට 84.2 ක් ලෙසයි. එහෙත් නත්තල් සමය වනවිට එය සියයට 90 ඉක්මවා යනු ඇති බවට ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් විශ්වාසය පළකරනවා. එම ඉලක්කය සපුරා ගැනීමෙන් පසු ඉදිරි රෙගුලාසි සංශෝධනය කරන ආකාරය සම්බන්ධයෙන් අද සිට සැළසුම් සකස් කිරීමට නියමිතව තිබෙනවා. https://www.9news.com.au/national/south-australia-coronavirus-update-quarantine-for-fully-vaccinated-people-changed-to-seven-days-from-14/5969b989-154a-48c1-8d2b-bd19ba250119

Read More »