ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා 1,189 / නිවු සවුත් වේල්ස් 804

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1189 ක් හමුව ඇත.

මරණ 06 ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,051 කි.

ඊයේ දිනයේදී (13) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 54,467 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 8433 ක් ලබා දී තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (13) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 804 ක් වාර්තා වි තිබේ.

දැනට 168 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 21 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 01 ක් වාර්තා විය​.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 642 කි.

පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 86,562 ක් සිදු කර ඇත.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »