Search

ඔස්ටේ්‍රලියාව තුළ මොඩර්නා නිපදවීමට වික්ටෝරියා ප්‍රාන්තය තුළ නව කර්මාන්ත ශාලාවක්

ඔස්ටේ්‍රලියාව තුළදී මොඩර්නා එන්නත නිපදවීමට අදාළව වික්ටෝරියා ප්‍රාන්තය තුළ නව කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට සැළසුම් කර තිබෙනවා.

එමගින් වසරකට නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත මාත්‍රා ප්‍රමාණය මිලියන 100 ක්.

ෆෙඩරල් රජය – වික්ටෝරියා රජය සහ මොඩර්නා ආයතනය අතර ඇතිකරගත් එකගතාවය අනුව 2024 වසර වනවිට මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

කොවිඩ් එන්නත්වලට අමතරව වෙනත් උණ රෝග සඳහා වන එන්නත්ද මෙහි නිපදවීමටයි සැළසුම් කර ඇත්තේ.

මේ අනුව ඔස්ටේ්‍රලියාව තුළදී නිපදවනු ලබන පළමු mRNA ඝනයට අයත් එන්නත බවට මොඩර්නා පත්වනු ඇති.

මෙරට බූස්ටර් මාත්‍රාව ලෙස මොඩර්නා එන්නත ලබාදීමට පසුගියදා ඖෂධ පරිපාලන අධිකාරිය විසින්ද අනුමැතිය ලබාදුන්නා.

https://www.abc.net.au/news/2021-12-14/moderna-to-be-first-mrna-vaccine-made-in-australia/100697324

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »