නමක් වෙනස් කරන්න ඩොලර් ලක්ෂ 05 ක් වියදම් කරන මෙල්බන් නගර සභාවක්

මෙල්බන් Moreland හි නගර පරිපාලනයේ නම වෙනස් කිරීම හේතුවෙන් ඉදිරි වසර 02 තුළදී ඩොලර් ලක්ෂ 05 කට වැඩි මුදලක් වියදම් වනු ඇති බවට තක්සේරු කර තිබෙනවා.

නාම පුවරු වෙනස් කිරීම – අන්තර්ජාලය ඇතුලු සියලු ඩිජිටල් ක්‍රමයන් හි වෙනස්කම් කිරීම – නිල ඇඳුම්වල නම වෙනස් කිරීම සහ වාහන අලුතින් පින්තාරු කිරීම වැනි කටයුතු සඳහායි මෙම මුදල් වැයවනු ඇති බවට ගණන් බලා ඇත්තේ.

Moreland යනු 18 වන සියවසේ ජැමෙයිකානු වහල් කලාපයක් බවට හෙළිවීම හේතුවෙනුයි මෙලෙස නම වෙනස් කිරිමට Moreland city council විසින් පසුගියදා යෝජනාවක් සම්මත කරගනු ලැබුවේ.

කෙසේවෙතත් ඇතැම් සිවිල් සංවිධාන සහ නගරයේ වයස්ගත ප්‍රජාව මේ සඳහා දක්වන්නේ දැඩි විරෝධයක්.

මේ සඳහා අන්තර්ජාල පෙත්සමකට අත්සන් තැබීමක්ද මේ වනවිට ක්‍රියාත්මකයි.

https://7news.com.au/news/melbourne/moreland-city-council-agrees-to-change-its-name-because-of-links-to-slave-estate-with-move-set-to-cost-more-than-500k-c-4936730

CREDIT – AAP

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »