ලෙඩ ගොඩකට මුල්වෙන මේ ගැන අදම දැනගන්න

ලෝක අධි රුධිර පීඩන දිනය අදට යෙදී තිබෙනවා.

මේ හේතුවෙන් ලොව පුරා ලුණු භාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද සංවිධානය කර ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම සතිය ඒ සඳහා වෙන් කරන ලෙසටයි දන්වා ඇත්තේ

නිර්දේශිත ප්‍රමාණයට වඩා ලුණු භාවිතය හේතුවෙන් අධි රුධිර පීඩනය, හෘද රෝග, ආඝාතය, වකුගඩු රෝග, ආමාශයේ පිළිකාව, ඔස්ටියෝපොරෝසිස් සහ ඇදුම යන ලෙඩ රෝග තත්ත්වයන් වැඩිවීමේ අවධානමක් පවතිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට පුද්ගලයෙකුට දිනකට ග්‍රෑම් 5කට හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් ලුණු භාවිතා කිරීම වඩාත් සුදුසුයි.

එමෙන්ම අධි රුධිර පීඩනය යනු නොමේරූ මරණ සහ ආබාධිතභාවය සඳහා ප්‍රමුඛ අවදානම් සාධකයක් ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර ඇත්තේ.

වයස අවුරුදු 18ට වැඩි සෑම ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට අධික රුධිර පීඩනය පවතින බවද හෙළිව තිබෙනවා.

බොහෝ පිරිස් අධි රුධිර පීඩනය ඇතිවීමට හේතුව නොදැනීමෙන් අවදානමකට ලක්වන අතර වයස අවුරුදු 35ට වැඩි පිරිස් විශේෂයෙන් පුර්ව දැනුවත්වීම් වෙත යොමුවන්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දී තිබෙනවා.

ප්‍රමාණය ඉක්මවූ ලුණු භාවිතය, දුම්පානය සහ මත්පැන් භාවිතය අධි රුධිර පීඩනය සඳහා බලපෑම් කරන ප්‍රධාන සාධක ලෙසටයි සැලකෙන්නේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »