තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

දල වශයෙන් මාස අටකට වැටුපට සමාන බෝනස් මුදලක් සේවකයන්ට ලබාදෙන බවටයි සමාගම අනාවරණය කර ඇත්තේ.

ඒ අනුව ඩොලර් බිලියන 5.1ක් ඉක්මවන වාර්තාගත ලාභයක් බෙදා හැරීමට සිංගප්පූරු ගුවන් සේවයේ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

සිංගප්පූරු ගුවන් සේවය 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා සිංගප්පූරු ඩොලර් බිලියන 2.67ක වාර්තාගත වාර්ෂික ලාභයක් වාර්තා කළ අතර එය පෙර වසරට වඩා සියයට 24ක දැවැන්ත වර්ධනයක් බවයි සඳහන් වන්නේ.

තරඟකාරී පීඩනය, ඉහළ යන වියදම්, භූ දේශපාලනික ආතතීන් සහ ආර්ථික අවිනිශ්චිතතාවයන් වැනි අභියෝග මධ්‍යයේ වුවද ගුවන් ගමන් සඳහා ප්‍රබල ඉල්ලුමක් සහ ශක්තිමත් භාණ්ඩ ප්‍රවාහන අංශයක් සතුවීම ගුවන් සමාගමේ මෙම ලාභයට හේතුවී තිබෙනවා.

සිංගප්පූරු ගුවන් සේවය මාර්තු මාසය වන විට කොවිඩ් වසංගතයට පෙර ගමන් කළ මගී ප්‍රමාණයෙන් සියයට 97ක් පමණ ප්‍රමාණයක් කරා ළඟා වී ඇතැයි සඳහන්.

මේ අතර එමිරේට්ස් ගුවන් සමාගම ද සිය සේවකයන්ට සති 20ක වැටුපට සමාන ප්‍රසාද දීමනාවක් ප්‍රදානය කර තිබෙනවා.

ඩුබායි හි ප්‍රමුඛතම ගුවන් සේවය වන එමිරේට්ස් බ්‍රහස්පතින්දා නිවේදනය කළේ සියලුම සමාගම් සේවකයින්ට ඔවුන්ගේ සති 20ක වැටුපට සමාන ප්‍රසාද දීමනාවක් ලැබෙන බවයි.

සමාගම ලැබූ වාර්තාගත ලාභය හේතුවෙන් මෙම දීමනාව ලබාදුන් බවයි සභාපති ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්තුම් (Sheikh Ahmed bin Saeed Al Maktoum) සඳහන් කළේ.

ඔහු සේවකයන්ගේ කැපවීම සඳහා කෘතඥතාව පළ කළ අතර ලැබුණු සෑම ඩිරාම් එකක් සේවක කැපවීමේ ප්‍රතිඵල බව සඳහන් කර තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »