ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

iphone භාවිතා කරන්නන් හට අයි මැසේජ් සේවා ඇණහිටීම හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වු බවයි පාරිභෝගිකයින් සඳහන් කළේ.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පණිවිඩ යැවීමට නොහැකි වී ඇති අතර මින් වැඩි බලපෑමක් ඔස්ට්‍රේලියාවේ සහ එක්සත් ජනපද පාරිභෝගිකයින්ට සිදුව ඇති බවයි අනාවරණ වී තිබෙනවා.

පැයක් වැනි කෙටි කාලසීමාවක් තුළ, එනම් උදෑසන 7.49ත් 8.35ත් යන කාලසීමාව තුළ මෙම අයි මැසේජ් සේවා අකර්මන්‍ය වී ඇති අතර මේ වන විට එම සේවා පෙර පරිදි සාමාන්‍ය ආකාරයෙන් සිදුවන බව සඳහන්.

අයි මැසේජ් සේවා පමණක් නොව ෆේස් ටයිම් ද මෙලෙස අකර්මන්‍ය වීම අයිෆෝන් භාවිත කරන්නන් දැඩි කනස්සල්ලට පත්ව සිටි බවයි පැවසෙන්නේ.

ව්‍යාපාර සඳහා FaceTime සහ Apple Messages සම්බන්ධ ගැටළු බලපෑම් එල්ල කළ බව පාරිභෝගිකයන් ප්‍රකාශ කර තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »