බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

ෆ්ලොරිඩාවේ පියෙකු මව්වරුන්ගේ දිනය වෙනුවෙන් බිරිඳට ත්‍යාගයක් ගැනීම සඳහා සාප්පු සවාරි යාමේදී තම තුන් හැවිරිදි දියණිය මෝටර් රථයේ තනි කර දමා ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පොලිසිය පැවසුවේ රීලෝ ෆර්නැන්ඩස් නම් මෙම පුද්ගලයා වෙළඳසල තුළ සිටියදී තවත් සාප්පු සවාරි යන්නෙකු විසින් මෝටර් රථය තුල කුඩා දැරිය තනිව අඬමින් සිටිනු දැක ඇති බවයි.

දරුවාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වූ එම පුද්ගලයා රථයේ පසුපස දොර විවෘත කර දැරිය පිටතට ගෙන ඇති අතර එහිදී ඇයට අධික ලෙස දහඩිය දමා, සම රතු වී තිබූ බව සඳහන්.

අත්අඩංගුවට ගැනීමේ වාර්තාවට අනුව මෙම පුද්ගලයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තමා නිවසේ සිට වෙළඳසලට ගිය අතර දියණිය මෝටර් රථය තුළ සිටි බව සම්පූර්ණයෙන්ම අමතක වූ බවයි.

මව්වරුන්ගේ දින සාප්පු සවාරි සඳහා තම සිතෙහි බොහෝ දේ තිබූ බැවින් දරුවා රථයේ සිටින බව අමතක වූ බවයි ඔහු කළ ප්‍රකාශයේ දැක්වෙන්නේ.

පොලිසිය පැවසුවේ දැරිය විනාඩි 31ක් පමණ උණුසුම් මෝටර් රථය තුළ සිටි බව පෙනෙන අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානයකට රැගෙන ගොස් ඇති බවයි.

එක්සත් ජනපද ජාතික කාලගුණ සේවය පැවසුවේ ෆ්ලොරිඩාවේ වර්තමාන වාර්තාගත උෂ්ණත්වය හේතුවෙන් මෝටර් රථයක අභ්‍යන්තර උෂ්ණත්වය අනතුරුදායක ලෙස ඉක්මනින් ඉහළ යා හැකි බවයි.

අගුලු දැමූ වාහනයක ඇතුළත උෂ්ණත්වය විනාඩි 10 ක් වැනි කෙටි කාලයක් තුළ මාරාන්තික මට්ටම් කරා ළඟා විය හැකි බව ද ඔවුන් ප්‍රකාශ කළා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »