බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

ඔහු එම තනතුර දරන පළමු හින්දු ජාතිකයා වීම ද විශේෂත්වයක්.

ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ වාර්ෂික රැස්වීමේදී ඒකමතික ඡන්දයෙන් පසු කම්කරු සභා මන්ත්‍රී ඉලංගෝ ඉලවලාකන් විසින් චාරිත්‍රානුකූල ධුරය භාරගෙන තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි මහා නගරයක නගරාධිපති වීම සම්බන්ධයෙන් තමා ආඩම්බර වන බවයි.

යුද්ධයෙන් සහ එහි පීඩාවෙන් පලා ගොස් නව ජීවිතයක් ගත කර බ්‍රිතාන්‍ය සමාජයට දායක වූ සරණාගතයෙකුගේ මෙම පත්වීම සමාජයට වටිනා පණිවුඩයක් වනු ඇති බවයි කවුන්සිලයේ නායක නීල් මැක්ඩොනල්ඩ් පැවසුවේ.

ඉදිරි වසර සඳහා නගරාධිපතිවරයාගේ තේමාව වී ඇත්තේ තෝරාගත් පුණ්‍යායතන දෙක වන Genesis Orwell Mencap සහ Cancer Support Suffolk සමඟින් කටයුතු කිරීමටයි.

ශ්‍රී ලංකාව හැර ගිය ඉලවලාකන් එක්සත් රාජධානියට යාමට පෙර ඉන්දියාවේ, උගන්ඩාවේ සහ රුවන්ඩාවේ ජීවත් වෙමින් විවිධ රැකියාවල නිරත වී තිබුණා.

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »