නවසීලන්ත දේශ සීමා විවෘත කිරීම යළිත් වැට උඩ ??

ලබන ජනවාරි 17 වනදා සිට දේශ සීමා විවෘත කිරීමට ගෙන ඇති තීරණය නැවත සළකා බලන බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් ප්‍රකාශ කර තිබෙනවා.

ඔමික්‍රොන් ප්‍රභේදය හමුවේ රට නැවතත් අවදානම් තත්වයකට පත් කිරීමට තමන් කිසිදු අවස්ථාවක අපේක්ෂා නොකරන බවයි ඇය කියාසිටියේ.

අද වනවිට නවසීලන්තයේ එන්නත්කරණ ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 89 ක් ලෙසයි.

කෙසේවෙතත් අගමැතිනියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ පක්ෂ ඇතුලු පාර්ශව කිහිපයක් විරුද්ධත්වය පළකර තිබෙනවා.

එමෙන්ම ව්‍යාපාරිකයන් රැසක් පෙන්වා දී ඇත්තේ සිය ව්‍යාපාර කඩාවැටිමකින් තොරව පවත්වාගෙන යාමට හැකි ඉක්මණින් දේශ සීමා විවෘතව පවත්වාගෙන යා යුතු බවයි.

https://www.7news.com.au/news/new-zealand/arderns-nz-border-rethink-rattles-many-c-4938250

PIC Credit: HAGEN HOPKINS/AAPIMAGE

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »