හෙට සිට ටස්මේනියා ප්‍රාන්තයේ සංචාරය කිරීමට වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට අවස්ථාව

හෙට (15) සිට ටස්මේනියා ප්‍රාන්තයේ සංචාරය කිරීමටද වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට අවස්ථාව උදාවනවා.

ඒ ටස්මේනියා ප්‍රාන්ත සීමා හෙට දිනයේදී විවෘත කිරීමත් සමගයි.

මේ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඕනෑම අයෙකුට කිසිදු අවහිරයකින් තොරව ටස්මේනියා ප්‍රාන්තයට ඇතුලුවිය හැකි වනවා.

ඔවුන් පැය 72 කට පෙර ලබාගත් සෘණාත්මක කොවිඩ් පරීක්ෂණ වාර්තාවක්ද ඉදිරිපත් කල යුතු බවයි සෞඛ්‍ය අංශ දන්වා සිටින්නේ.

මේ අතර ජාත්‍යන්තර සිසුන් සහ පුහුණු ශ්‍රමිකයන් ඇතුලු වීසා කාණ්ඩ 28 ක් දරන්නන්ට හෙට සිට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට අවසර හිමිවනවා.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »