Day: December 9, 2021

වික්ටෝරියා skilled visa 190 සහ 491 වීසා නවතම තොරතුරු මෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ skilled visa 190 සහ 491 වීසා සඳහා නවතම තොරතුරු ප්‍රකාශයට පත්කර තිබේ. නොවැම්බර් 30 වන විට 190 වීසා සඳහා ROI 8,109ක් ලැබී ඇත. නාමයෝජනා සඳහා අයදුම්පත් 1,096 ක් ඉදිරිපත් කර ඇත. නොවැම්බර් 30 වන විට වික්ටෝරියා 491 වීසා සඳහා ROI 1,271 ක් ලැබී ඇත. නාමයෝජනා සඳහා අයදුම්පත් 198 ක් ඉදිරිපත් කර ඇත. වික්ටෝරියා skilled visa 190 සහ 491 වීසා නාමයෝජනා සලකා බලනුයේ Target sectors 8 ක් යටතේය. https://liveinmelbourne.vic.gov.au/

Read More »

ලංකාවේ විදෙස් සංචිත ඩොලර් මිලියන 1587 ට බසී

ශ්‍රී ලංකාවේ නිල සංචිත සහ වත්කම් ප්‍රමාණය (පසුගිය නොවැම්බර් මාසය වන විට) ඇමරිකානු ඩොලර් මිලියන 1587ක් බව සමෘද්ධි හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී අද (9)පැවසීය. විදේශ විනිමය සංචිත ඩොලර් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1009.5ක් බවත්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 67ක්  බවත්   හෙතෙම පැවැසුවේය . රටේ පවතින රත්රන් සංචිතයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 382ක් බවද ඔහු කීය. ඩොලර් හිගය මගහරවා ගැනීමට විදේශීය රාජ්‍ය සමග ඇතිකරගත් මුදල් හුවමාරු එකගතා පිළිබඳවද ශෙහාන්

Read More »
Australian bushfires

බටහිර ඔස්ටේ්‍රලියාවේ Margaret River ආශ්‍රිතව ලැව් ගිනි අනතුරු ඇගවීමක්

බටහිර ඔස්ටේ්‍රලියාවේ Margaret River ප්‍රදේශය ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින ලැව් ගිනි තත්වය පිළිබඳ ආපදා අංශ විසින් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. මේ වනවිට හෙක්ටයාර 1100 ක් පමණ විනාශ වී ඇති අතර ගිණි නිවීම් භටයන් 150 දෙනෙකු පමණ එය පාලනයට යොදවා තිබෙනවා. දැනට අවධානම් සහගත ප්‍රදේශ ලෙස නම් කර ඇති ප්‍රදේශ වනුයේ Leeuwin Naturaliste National Park – Redgate Road, Bussell Highway, Chapman Road, Hamelin Bay Road West & the coastline in the Shire of Augusta-Margaret River. බටහිර

Read More »

සිඩ්නි pub trivia night ගිය 44 දෙනෙකුට කොවිඩ්

සිඩ්නි pub trivia night වෙත ගිය පුද්ගලයින් 44 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇත. ඔවුන්ගෙන් කිසිවෙකුට Omicron ප්‍රභේදය ආසාදනය වී ඇතිද යන්න තවමත් පැහැදිලි නැත. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් Omicron ආසාදිතයින් 8 ක් වාර්තා වී තිබේ. ඒ අනුව ප්‍රාන්තයේ Omicron ආසාදිතයින් සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇත. ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 420 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක්ද වාර්තා වේ.

Read More »

ක්වීන්ස්ලන්ඩ් – Northern Territory එන්නත්කරණ ප්‍රතිශතය සියයට 80 ඉක්මවයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත් මාත්‍රා 02 ම ලබාගත් ප්‍රතිශතය සියයට 80 ඉක්මවා ගොස් තිබෙනවා. සැලසුම් කල දිනයට සතියකට පෙර එම ඉලක්කය පසුකර යාමද විශේෂත්වයක්. මේ සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන්ද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයට සුභ පැතුම් පිරිනමා තිබුණා. මේ අතර හි පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතයද සියයට 80 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ලබන 20 වනදා සිට ප්‍රාන්තයට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට නිරෝධායනය අනිවාර්ය වන්නේ නැහැ. ප්‍රාන්ත අගමැති මයිකල් ගනර් සඳහන් කලේ ප්‍රාන්තයට පැමිණීමට පැය 72 කට පෙර

Read More »