Day: December 9, 2021

වික්ටෝරියා ප්‍රාන්තයට ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීම ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

වික්ටෝරියා ප්‍රාන්තයට ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමේ සැළසුම් පිළිබඳ හෙට දිනයේදී දීර්ඝව සාකච්ඡා කරන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා. ඒ අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි. පූර්ණ එන්නත්කරණයට ලක්වූ සිසුන්ට ලබන බදාදායින් පසු ඔස්ටේ්‍රලියාවට පැමිණිමට අවස්ථාව පවතිනවා. කෙසේවෙතත් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ බලපෑම හමුවේ ඔවුන් ගෙන්වා ගන්නා ක්‍රමවේදය සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගන්නා බවයි ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ. මේ අතර ඉදිරියේදී මෙල්බන් නුවරදී පැවැත්වෙන ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට

Read More »

ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ වැඩිම වේගයකින් නිවාස මිළ ගණන් ඉහළ ගිය වසර ලෙස 2021 වාර්තා අතරට

ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ වැඩිම වේගයකින් නිවාස මිල ගණන් ඉහල ගිය වසර ලෙස පසුගිය මාස 12 ක කාලය වාර්තා අතරට එක්වී තිබෙනවා. ගතවූ මාස 12 දී මෙරට නිවාස මිල ගණන් ඉහළ යාමේ ප්‍රතිශතය සියයට 21.9 ක් බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ. 2021 වසරේදී ඔස්ටේ්‍රලියාවේ නිවාස 446,000 කට වැඩි සංඛ්‍යාවක් ද Units 144,000 කට වැඩි සංඛ්‍යාවක්ද අලෙවි වී තිබෙනවා. වසර 50 ක ඉතිහාසය සැළකීමේදී එයද වාර්තාවක් ලෙස සැළකෙන බව සඳහන්. ලබන වසරේ මැද භාගය වනවිට ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන්

Read More »

නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් ට කොවිඩ්

ඔස්ටේ්‍රලියාවේ නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් ට කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා. ඔහු මේ වනවිට නිල සංචාරයක් සඳහා අමෙරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් සිටින අතරතුර එහිදී සිදුකල පරීක්ෂාවකදීයි මෙය තහවුරු වී ඇත්තේ. ඔහුගේ නියෝජිත කණ්ඩායමේ සෙසු සාමාජිකයන් සෘණාත්මක බවට හෙළිකරගෙන තිබෙනවා. නැවත දැනුම් දෙන තුරු බාර්නබි ජොයිස් හුදකලා කර තබා ඇති බවයි වාර්තා වන්නේ. අමෙරිකාවට යාමට පෙර ඔහු මහා බි්‍රතාන්‍යයේද කෙටි කාලයක් ගතකර තිබූ අතර එහිදී එරට නියෝජ්‍ය අගමැති ඩොමින්ක් රාබ් ද මුණගැසී තිබුණා. https://www.9news.com.au/national/coronavirus-australia-updates-deputy-prime-minister-barnaby-joyce-tests-positive-for-covid-19/c0f5e5b1-a469-459b-8c95-7c9e7e1de30c

Read More »

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා 1232 / නිවු සවුත් වේල්ස් 420

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1232 ක් හමුව ඇත. මරණ 09 ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,224 කි. ඊයේ දිනයේදී (08) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 71,178 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 3,647 ක් ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (08) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 420 ක් වාර්තා වි තිබේ. දැනට 151 දෙනෙකු

Read More »