වික්ටෝරියා ප්‍රාන්තයට ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීම ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

වික්ටෝරියා ප්‍රාන්තයට ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමේ සැළසුම් පිළිබඳ හෙට දිනයේදී දීර්ඝව සාකච්ඡා කරන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

ඒ අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ සිසුන්ට ලබන බදාදායින් පසු ඔස්ටේ්‍රලියාවට පැමිණිමට අවස්ථාව පවතිනවා.

කෙසේවෙතත් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ බලපෑම හමුවේ ඔවුන් ගෙන්වා ගන්නා ක්‍රමවේදය සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගන්නා බවයි ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ.

මේ අතර ඉදිරියේදී මෙල්බන් නුවරදී පැවැත්වෙන ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එන්නත්කරණ අවශ්‍යතා වැනි කටයුතුවලදී කිසිදු විශේෂත්වයක් නොදක්වන බවයි වික්ටෝරියා අගමැතිවරයා අවධාරණය කර සිටියේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »