ඔස්ටේ්රලියාවේ නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් ට කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා.
ඔහු මේ වනවිට නිල සංචාරයක් සඳහා අමෙරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් සිටින අතරතුර එහිදී සිදුකල පරීක්ෂාවකදීයි මෙය තහවුරු වී ඇත්තේ.
ඔහුගේ නියෝජිත කණ්ඩායමේ සෙසු සාමාජිකයන් සෘණාත්මක බවට හෙළිකරගෙන තිබෙනවා.
නැවත දැනුම් දෙන තුරු බාර්නබි ජොයිස් හුදකලා කර තබා ඇති බවයි වාර්තා වන්නේ.
අමෙරිකාවට යාමට පෙර ඔහු මහා බි්රතාන්යයේද කෙටි කාලයක් ගතකර තිබූ අතර එහිදී එරට නියෝජ්‍ය අගමැති ඩොමින්ක් රාබ් ද මුණගැසී තිබුණා.