Day: December 9, 2021

විනාඩියකටත් අඩු කාලයකදී වේදනාවකින් තොරව මරණය අත්කරදෙන නවීන උපකරණයක්

සුව කල නොහැකි රෝගවලින් පෙළෙන පුද්ගලයන් සඳහා විනාඩියකටත් අඩු කාලයකදී කිසිදු වේදනාවකින් තොරව මරණය අත්කරදෙන නවීන උපකරණයක් නිපදවා තිබෙනවා. ස්විට්සර්ලන්තයේ නිෂ්පාදනය කර ඇති එය මේ වනවිට නීති අනුමැතිය සඳහා යොමු කර ඇතැයි සඳහන්. මරණය අත් කර ගැනීමට කැමති පුද්ගලයාට පවා එය ක්‍රියාත්මක කරවා ගැනීමට හැකිවීම විශේෂත්වයක්. මෙහිදී සිදුවන්නේ විනාඩියකටත් අඩු කාලයකදී ඔක්සිජන් ප්‍රමාණය අඩු කිරීමෙන් මරණය ලගා වීමයි. මෙහි හැඩයද මිනී පෙට්ටියක් ආකාරයට සකස් කර ඇති අතර මරණයට පත්වීමෙන් පසු සිරුර ඉවතට ගැනීමද අසීරු නොවන

Read More »
MELBOURNE VICTORIA

වික්ටෝරියා පළමු ඔමික්‍රොන් ප්‍රභේද ආසාධිතයා හඳුනාගනී

වික්ටෝරියා ප්‍රාන්තයෙන් පළමු ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාධිතයා හඳුනාගෙන තිබෙනවා. නෙදර්ලන්තයේ සිට අබුඩාබි හරහා මෙල්බන් පැමිණි අයෙකුයි මෙලෙස වාර්තා වී ඇත්තේ. පසුගිය 3 වනදා ඔස්ටේ්‍රලියාවට පැමිණි ඔහු හෝටල් නිරෝධායනයේ යෙදී සිටියදී සිදුකල ජාන විශේලේෂණයේදී එය අනාවරණය වුණා. ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය ආසාධනය වී ඇති බවට සැක කෙරෙන තවත් දෙදෙනෙකුගේ ජාන විශ්ලේෂණ ආරම්භ කර ඇතැයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලා. මේ අනුව ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 05 කින් දැනට ඔමික්‍රොන් වෛරස් ප්‍රභේද ආසාධිතයන් හමුවී අවසන්. https://www.9news.com.au/national/victorias-first-known-case-of-the-omicron-variant-of-covid19-has-been-detected-in-a-traveller-in-hotel-quarantine-in-melbourne/2e12bdda-ccf1-4b1f-b6f2-3d578cd690ea

Read More »