විනාඩියකටත් අඩු කාලයකදී වේදනාවකින් තොරව මරණය අත්කරදෙන නවීන උපකරණයක්

සුව කල නොහැකි රෝගවලින් පෙළෙන පුද්ගලයන් සඳහා විනාඩියකටත් අඩු කාලයකදී කිසිදු වේදනාවකින් තොරව මරණය අත්කරදෙන නවීන උපකරණයක් නිපදවා තිබෙනවා.

ස්විට්සර්ලන්තයේ නිෂ්පාදනය කර ඇති එය මේ වනවිට නීති අනුමැතිය සඳහා යොමු කර ඇතැයි සඳහන්.

මරණය අත් කර ගැනීමට කැමති පුද්ගලයාට පවා එය ක්‍රියාත්මක කරවා ගැනීමට හැකිවීම විශේෂත්වයක්.

මෙහිදී සිදුවන්නේ විනාඩියකටත් අඩු කාලයකදී ඔක්සිජන් ප්‍රමාණය අඩු කිරීමෙන් මරණය ලගා වීමයි.

මෙහි හැඩයද මිනී පෙට්ටියක් ආකාරයට සකස් කර ඇති අතර මරණයට පත්වීමෙන් පසු සිරුර ඉවතට ගැනීමද අසීරු නොවන ආකාරයකටයි නිර්මාණය කර ඇත්තේ.

https://www.indiatoday.in/world/story/switzerland-legalises-suicide-sarco-machine-1884986-2021-12-07

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »