ලංකාවේ විදෙස් සංචිත ඩොලර් මිලියන 1587 ට බසී

ශ්‍රී ලංකාවේ නිල සංචිත සහ වත්කම් ප්‍රමාණය (පසුගිය නොවැම්බර් මාසය වන විට) ඇමරිකානු ඩොලර් මිලියන 1587ක් බව සමෘද්ධි හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී අද (9)පැවසීය.

විදේශ විනිමය සංචිත ඩොලර් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1009.5ක් බවත්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 67ක්  බවත්   හෙතෙම පැවැසුවේය .

රටේ පවතින රත්රන් සංචිතයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 382ක් බවද ඔහු කීය.

ඩොලර් හිගය මගහරවා ගැනීමට විදේශීය රාජ්‍ය සමග ඇතිකරගත් මුදල් හුවමාරු එකගතා පිළිබඳවද ශෙහාන් සේමසිංහ මෙහිදී කරුණු පැහැදිලි කලා.

මේ අතර කොළඹ වරායෙන් නිදහස් කරගැනීමට නොහැකිව පවතින කන්ටේනර් තුළ, දැනට මෙරටට ආනයනය කිරීමට සීමා පණවා නොමැති ද්‍රව්‍ය ඇති නම් ඒවා නිදහස් කර දීමට අවශ්‍ය විදේශ විනිමය මුදා හැරීමට රජය සූදානම් බවයි ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කලේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »