බටහිර ඔස්ටේ්‍රලියාවේ Margaret River ආශ්‍රිතව ලැව් ගිනි අනතුරු ඇගවීමක්

Australian bushfires

බටහිර ඔස්ටේ්‍රලියාවේ Margaret River ප්‍රදේශය ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින ලැව් ගිනි තත්වය පිළිබඳ ආපදා අංශ විසින් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

මේ වනවිට හෙක්ටයාර 1100 ක් පමණ විනාශ වී ඇති අතර ගිණි නිවීම් භටයන් 150 දෙනෙකු පමණ එය පාලනයට යොදවා තිබෙනවා.

දැනට අවධානම් සහගත ප්‍රදේශ ලෙස නම් කර ඇති ප්‍රදේශ වනුයේ

Leeuwin Naturaliste National Park – Redgate Road, Bussell Highway, Chapman Road, Hamelin Bay Road West & the coastline in the Shire of Augusta-Margaret River.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත වන සංරක්ෂණ බලධාරීන්ට අනුව ඉදිරියේදී සුළං තත්වය වැඩිවුවහොත් ලැව්ගිනි අවධානමද ඉහළ යනු ඇතැයි අපේක්ෂිතයි.

මෑතකාලීන ඉතිහාසයේ ඔස්ටේ්‍රලියාවේ දරුණුතම ලැව් ගිනි තත්වය වාර්තාවූයේ 2019 වසරේදීයි.

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »