Day: November 30, 2021

මෙල්බන් එන සංචාරකයන්ට පැණවූ අලුත්ම නිරෝධායන රෙගුලාසි මෙන්න

ඔමික්‍රොන් වෛරසය බහුලව ව්‍යාප්ත වී ඇති අප්‍රිකානු රටවල් 09 ක සිට වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන සංචාරකයන්ට දින 14 ක නිරෝධායන කාලසීමාවක් පණවා තිබෙනවා. දකුණු අප්‍රිකාව – ලෙසෝතෝ – බොට්ස්වානා – සිම්බාබ්වේ – මොසැම්බික් – නැමීබියාව – ස්වාසිලන්තය – මලාවි සහ සීශෙල්ස් එම රාජ්‍යයන් වනවා. අනෙකුත් ඕනෑම රටක සිට පැමිණෙන පුද්ගලයන් සඳහා තවදුරටත් පැය 72 ක නිරෝධායන කාලසීමාවක් බලාත්මක වන බවයි වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කලේ. කෙසේවෙතත් ඔවුන් නිරෝධායනයෙන් ඉවත්වීමට නම් තවත් පී සී ආර් පරික්ෂණයක්

Read More »

මියගිය ගණුදෙනුකරුවන්ගෙනුත් Westpac බැංකුව ඩොලර් මිලියන 07 ක ගාස්තු අයකරලා

ගණුදෙනුකරුවන්ට අයහපත් අන්දමින් සැළකීමට අදාළව වෙස්ට්පැක් බැංකුවට ඩොලර් මිලියන 113 ක දඩ මුදලක් ගෙවීමට සිදුවී තිබෙනවා. එමෙන්ම ගණුදෙනුකරුවන්ට වන්දි ලෙස තවත් ඩොලර් මිලියන 57 ක් ගෙවීමටද ඔවුන්ට සිදුවී ඇති බව සඳහන්. වෙස්ට්පැක් බැංකුවට මෙලෙස දඩ ගෙවීමට සිදුවී ඇත්තේ නඩු 06 කට අදාළවයි. මරණයට පත්ව සිටින ගණුදෙනුකරුවන්ගෙන් පවා ගතවූ වසර 10 පුරාවට වෙස්ට්පැක් බැංකුව විසින් විවිධ ගාස්තු ලෙස ඔවුන්ගේ බැංකු ගිණුම්වලින් ඩොලර් මිලියන 07 ක මුදලක් අයකරගෙන ඇති බවද ස්වාධීන විමර්ශනයකදී හෙළිවී තිබෙනවා. එමෙන්ම රක්ෂණ වාරික

Read More »

ඔස්ටේ්‍රලියාවේ වැඩිම වැටුපක් ගන්නා CEO බවට ශෙමාරා වික්‍රමනායක පත් වෙයි

මෙම වසරේදී ඔස්ටේ්‍රලියාවේ වැඩිම වැටුපක් ලබාගන්නා ප්‍රධාන විධායක නිළධාරීන් (CEO)අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක සමත්වී තිබෙනවා. Macquarie සමූහයේ ප්‍රධාන විධායක නිළධාරිනිය වන ඇය ජූනි මාසයෙන් අවසන්වූ මාස 12 තුළ ලබාගෙන ඇති වැටුප ඩොලර් මිලියන 15.97 ක්. The Australian Financial Review වාර්ෂික ලේඛනය විසිනුයි මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ. පසුගිය වසර හා සැසඳීමේදී ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන විධායක නිළධාරීන් ලබන වැටුප සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇති බවද මෙහිදී අනාවරණය වුණා. දැනට වැඩිම වැටුප්

Read More »

දේශ සීමා විවෘත කිරීම ගැන සෞඛ්‍ය ඇමතිගෙන් සුභ ආරංචියක්

ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදය කළමණාකරණය ගැනීමට හැකිවනු ඇතැයි ඔස්ටේ්‍රලියා රජය විශ්වාසය පළකරනවා. සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් සඳහන් කලේ ඒ අනුව දැනට සැළසුම් කර ඇති පරිදි දෙසැම්බර් 15 වනදා නැවතත් දේශ සීමා විවෘත කිරීමට හැකිවනු ඇති බවයි. හෙට සිට පුහුණු ශ්‍රමිකයන් – ජාත්‍යන්තර සිසුන් ඇතුලු වලංගු වීසා බලපත් ලාභීන් ගෙන්වා ගැනීමට ඔස්ටේ්‍රලියා රජය ගෙන තිබූ තීරණය කල් දැමීමට සිදුවූයේ දරුණු නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙනුයි. කෙසේවෙතත් ඉදිරි දින 14 ක කාලය ඇතුළත නව ප්‍රභේදයට එරෙහිව ගත හැකි

Read More »

වික්ටෝරියා මතභේදාත්මක කොවිඩ් පණත අද සම්මත වන ළකුණු

වික්ටෝරියා ප්‍රාන්තයේ මතභේදාත්මක කොවිඩ් මර්දන පණත් කෙටුම්පත අද සම්මත කරගනු ඇති බවට අනාවැකි පළවනවා. මේ වනවිටත් ඊට පක්ෂ ඡන්ද සංඛ්‍යාව තහවුරු කරගෙන අවසන් බවයි වික්ටෝරියා පාලක පක්ෂය කියාසිටියේ. දැනට පවතින හදිසි නීති බලතල ලබන දෙසැම්බර් 15 වනදායින් අවසන්වීමටයි නියමිතව ඇත්තේ. ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදයත් සමග මෙවැනි පණත් කෙටුම්පතක් වර්තමානයට ඉතා අවශ්‍ය බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ. මෙම පණතට එරෙහිව සති ගණනක් පුරා වික්ටෝරියා හි දැවැන්ත විරෝධතාද පැවති අතර අනතුරුව සංශෝධන ගණනාවක් ඊට එක්

Read More »