Day: November 30, 2021

ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුව කාන්තාවන්ට සුරක්ෂිත ස්ථානයක් කරන බව අගමැති මොරිසන් කියයි

පාර්ලිමේන්තුව කාන්තාවන්ට සුරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීම සඳහා සෑම පියවරක්ම ගන්නා බවට ඔස්ටේ්‍රලියා අගමැති ස්කොට් මොරිසන් සහතික වනවා. ඔහු මේ බව කියාසිටියේ මීට කාලයකට පෙර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේදී සිදුවූ බව කියන ලිංගික හිංසන පිළිබඳ වාර්තාව අද ප්‍රකාශයට පත් කරමිනුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් අතුරින් 2/3 ක් පමණ කායික හෝ වාචික හිංසනයන්ට ලක්ව ඇති බවයි මෙම වාර්තාවේ සඳහන් වන්නේ. මෙවැනි තත්වයන් ඉදිරියට වළක්වා ගැනීම සඳහා ගත යුතු නිර්දේශ 28 ක් මෙම වාර්තාවට ඇතුළත් කර තිබෙනවා. ඒවා හැකි ඉක්මණින් ක්‍රියාවට

Read More »

ඔස්ට්‍රේලියා Skilled වීසා සඳහා අදාළවන ANZSCO ලැයිස්තුවට නව රැකියා රැසක්

ඔස්ටේ්‍රලියානු – නවසීලන්ත සම්මත රැකියා වර්ගීකරණය හෙවත් ANZSCO ලැයිස්තුවට අලුතින් තවත් වෘත්තීන් කිහිපයක් එක් කර තිබෙනවා. ඒ අනුව කෘෂිකර්මය, වන වගාව සහ ධීවර කටයුතු, සයිබර් ආරක්ෂණය, නාවුක ඉදිකිරීම් සහ ජාතික නිපුණතා කොමිෂන් සභාව විසින් හඳුනාගෙන ඇති නැගී එන වෘත්තීන් තුළයි එම යාවත්කාලීන කිරීම සිදුකර ඇත්තේ. ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයේ නිල වෙබ් අඩවියට අනුව මෙම වෙනස්කම් සිදුකර ඇත්තේ ඔස්ටේ්‍රලියාවේ ශ්‍රම වෙළඳපොලෙහි ප්‍රමුඛතා සැළකිල්ලට ගෙනයි. 2006 වසරෙන් පසු ANZSCO ලැයිස්තුවට සංශෝධන සිදුකල 04 වන අවස්ථාව මෙය වනවා. එම

Read More »

ඔස්ටේ්‍රලියාව තුළ පළමු mRNA කොවිඩ් එන්නත වික්ටෝරියා විද්‍යාඥයන් නිපදවයි

ඔස්ටේ්‍රලියාව තුළ නිපදවන ලද පළමු mRNA වර්ගයේ කොවිඩ් මර්දන එන්නත නිපදවීමට වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යාඥයන් පිරිසක් සමත්වී තිබෙනවා. මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ඇතුලු කණ්ඩායම් කිහිපයක් විසිනුයි මාස 05 ක් පුරා එම පරීක්ෂණ සිදුකර තිබුණේ. මේ අනුව පුද්ගලයන් 150 දෙනෙකු යොදාගනිමින් නව එන්නතේ සායනික පරීක්ෂණ ලබන ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි. අනතුරුව ඔස්ටේ්‍රලියානු ඖෂධ අධිකාරියේ අනුමැතිය සඳහා එය යොමු කෙරෙනු ඇති. ඔස්ටේ්‍රලියාව තුළ දැනට භාවිත කෙරෙන සියලුම එන්නත් වර්ගවලට වඩා වෙනස් ආකාරයකටයි නව එන්නත ක්‍රියාත්මක වන්නේ. https://7news.com.au/lifestyle/health-wellbeing/another-918-vic-covid-19-cases-six-deaths-c-4753258

Read More »

ක්වීන්ස්ලන්ඩ් ක්ෂේත්‍ර රැසක සේවකයන්ට කොවිඩ් එන්නත අනිවාර්ය කරයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ක්ෂේත්‍ර රැසක සේවකයන්ට කොවිඩ් මර්දන එන්නත අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව පාසල් – දිවා සුරැකුම් මධ්‍යස්ථාන – ගුවන් තොටුපළ – තරුණ රැඳවුම් මධ්‍යස්ථාන ආදී ස්ථානවල සේවකයන් ලබන 17 වනදාට පෙර අනිවාර්යයෙන් පළමු මාත්‍රාව හෝ ලබා ගත යුතු වනවා. එම ස්ථාන අවධානම් ස්ථාන ලෙස නම් කර තිබීම ඊට හේතුවයි. ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලේ නව කොවිඩ් වෛරස ප්‍රභේදයේ අවධානම සළකා බලා මෙම තීරණය ගත් බවයි. පොලිසියේ සහ සෞඛ්‍ය අංශයේ සේවකයන්ද මීට යටත් කර තිබෙනවා.

Read More »