ක්වීන්ස්ලන්ඩ් ක්ෂේත්‍ර රැසක සේවකයන්ට කොවිඩ් එන්නත අනිවාර්ය කරයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ක්ෂේත්‍ර රැසක සේවකයන්ට කොවිඩ් මර්දන එන්නත අනිවාර්ය කර තිබෙනවා.

ඒ අනුව පාසල් – දිවා සුරැකුම් මධ්‍යස්ථාන – ගුවන් තොටුපළ – තරුණ රැඳවුම් මධ්‍යස්ථාන ආදී ස්ථානවල සේවකයන් ලබන 17 වනදාට පෙර අනිවාර්යයෙන් පළමු මාත්‍රාව හෝ ලබා ගත යුතු වනවා.

එම ස්ථාන අවධානම් ස්ථාන ලෙස නම් කර තිබීම ඊට හේතුවයි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලේ නව කොවිඩ් වෛරස ප්‍රභේදයේ අවධානම සළකා බලා මෙම තීරණය ගත් බවයි.

පොලිසියේ සහ සෞඛ්‍ය අංශයේ සේවකයන්ද මීට යටත් කර තිබෙනවා.

දැනට ක්වීන්ස්ලන්ඩ් හි පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය දැක්වෙන්නේ සියයට 76 ක් ලෙසයි.

https://7news.com.au/lifestyle/health-wellbeing/queensland-mandates-covid-vaccine-for-school-correction-centre-and-airport-workers-c-4754083

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් නිසා මරණයෙන් ගැලවුණු ඔස්ට්‍රේලියා ජීවිත ගැන අලුත් අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් වැඩසටහන හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ සිට 2022 වසරේ ජූලි මාසය අතර කාලසීමාව තුල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් 20,000කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකිව ඇතැයි වාර්තා වනවා.

Read More »