ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුව කාන්තාවන්ට සුරක්ෂිත ස්ථානයක් කරන බව අගමැති මොරිසන් කියයි

පාර්ලිමේන්තුව කාන්තාවන්ට සුරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීම සඳහා සෑම පියවරක්ම ගන්නා බවට ඔස්ටේ්‍රලියා අගමැති ස්කොට් මොරිසන් සහතික වනවා.

ඔහු මේ බව කියාසිටියේ මීට කාලයකට පෙර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේදී සිදුවූ බව කියන ලිංගික හිංසන පිළිබඳ වාර්තාව අද ප්‍රකාශයට පත් කරමිනුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් අතුරින් 2/3 ක් පමණ කායික හෝ වාචික හිංසනයන්ට ලක්ව ඇති බවයි මෙම වාර්තාවේ සඳහන් වන්නේ.

මෙවැනි තත්වයන් ඉදිරියට වළක්වා ගැනීම සඳහා ගත යුතු නිර්දේශ 28 ක් මෙම වාර්තාවට ඇතුළත් කර තිබෙනවා.

ඒවා හැකි ඉක්මණින් ක්‍රියාවට නංවන බව කාන්තා කටයුතු ඇමතිනී මරීස් පේන් මෙහිදී සඳහන් කර සිටියා.

වැරදිකරුවන්ට කිසිදු සමාවක් නොදෙන බවටයි ඇය සහතික වූයේ.

PIC – AAP

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »

ඇඩිලේඩ්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක හදිසි පොලිස් මෙහෙයුමක්

ඇඩිලේඩ්හි Marion ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයකට පැමිණි සන්නද්ධ පුද්ගලයෙක් හේතුවෙන් එහි ජනතාව ඉවත් කර විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Read More »