දේශ සීමා විවෘත කිරීම ගැන සෞඛ්‍ය ඇමතිගෙන් සුභ ආරංචියක්

ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදය කළමණාකරණය ගැනීමට හැකිවනු ඇතැයි ඔස්ටේ්‍රලියා රජය විශ්වාසය පළකරනවා.

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් සඳහන් කලේ ඒ අනුව දැනට සැළසුම් කර ඇති පරිදි දෙසැම්බර් 15 වනදා නැවතත් දේශ සීමා විවෘත කිරීමට හැකිවනු ඇති බවයි.

හෙට සිට පුහුණු ශ්‍රමිකයන් – ජාත්‍යන්තර සිසුන් ඇතුලු වලංගු වීසා බලපත් ලාභීන් ගෙන්වා ගැනීමට ඔස්ටේ්‍රලියා රජය ගෙන තිබූ තීරණය කල් දැමීමට සිදුවූයේ දරුණු නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙනුයි.

කෙසේවෙතත් ඉදිරි දින 14 ක කාලය ඇතුළත නව ප්‍රභේදයට එරෙහිව ගත හැකි උපරිම පියවර ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යවරයා සහතික වනවා.

හැකි ඉක්මණින් දේශ සීමා විවෘත කිරීම ෆෙඩරල් රජයේ සැළසුම බවද ග්‍රෙග් හන්ට් ප්‍රකාශ කලා.

දැනට ඔස්ටේ‍රලියාවෙන් ඔමික්‍රොන් ප්‍රභේදය ආසාධිතයන් 06 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »