මියගිය ගණුදෙනුකරුවන්ගෙනුත් Westpac බැංකුව ඩොලර් මිලියන 07 ක ගාස්තු අයකරලා

ගණුදෙනුකරුවන්ට අයහපත් අන්දමින් සැළකීමට අදාළව වෙස්ට්පැක් බැංකුවට ඩොලර් මිලියන 113 ක දඩ මුදලක් ගෙවීමට සිදුවී තිබෙනවා.

එමෙන්ම ගණුදෙනුකරුවන්ට වන්දි ලෙස තවත් ඩොලර් මිලියන 57 ක් ගෙවීමටද ඔවුන්ට සිදුවී ඇති බව සඳහන්.

වෙස්ට්පැක් බැංකුවට මෙලෙස දඩ ගෙවීමට සිදුවී ඇත්තේ නඩු 06 කට අදාළවයි.

මරණයට පත්ව සිටින ගණුදෙනුකරුවන්ගෙන් පවා ගතවූ වසර 10 පුරාවට වෙස්ට්පැක් බැංකුව විසින් විවිධ ගාස්තු ලෙස ඔවුන්ගේ බැංකු ගිණුම්වලින් ඩොලර් මිලියන 07 ක මුදලක් අයකරගෙන ඇති බවද ස්වාධීන විමර්ශනයකදී හෙළිවී තිබෙනවා.

එමෙන්ම රක්ෂණ වාරික ගෙවීමේදීද ඇතැම් ගණුදෙනුකරුවන්ගෙන් අමතර ගාස්තු අයකරගෙන ඇති බව වාර්තා වනවා.

https://www.bbc.com/news/59470666

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »