Day: November 1, 2021

සබ්මැරීන ගිවිසුම ගැන බොරු නොකියූ බව අගමැති මොරිසන් කියයි

සබ්මැරීන ගිවිසුම පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කල බවට එල්ල වන චෝදනා අගමැති ස්කොට් මොරිසන් ප්‍රතික්ෂේප කරනවා. තමන් සෑම විටම ඔස්ටේ්‍රලියා ජනතාව පිළිබඳ පළමුවෙන් සිතා තීන්දු ගන්නා බවයි අගමැතිවරයා කියාසිටියේ. ප්‍රංශ ජනාධිපතිවරයා විසින් තමා පිළිබඳ කල ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අගමැති මොරිසන් මේ බව පැවසීය. සබ්මැරීන ගණුදෙනුව සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියා අගමැති ස්කොට් මොරිසන් තමන්ට අසත්‍ය ප්‍රකාශ කල බවට ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් චෝදනා කරනවා. අමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය සමග ඇතිකරගත් ආරක්ෂක ගිවිසුම හේතුවෙන්, මීට ඉහතදී ඩොලර් බිලියන 37 ක

Read More »

සිංගප්පූරු ජාතිකයන්ට ලබන 21 දා සිට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට අවසර

පූර්ණ එන්නත්කරණයට ලක්වූ සිංගප්පූරු ජාතිකයන්ට ලබන 21 වනදා සිට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට අවසර දී තිබේ. පසුගිය වසරේ මාර්තු මාසයේදී ඔස්ටේ්‍රලියා දේශ සීමා වසා දැමීමෙන් පසු රටට පැමිණීමට අවසර හිමිවන දෙවන රට වන්නේ සිංගප්පූරුවයි. මෙතෙක් එම අවසරය පැවතුණේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ නවසීලන්ත ජාතිකයන් පමණි. කෙසේවෙතත් සිඩ්නි හෝ මෙල්බර්න් නගර වෙත පමණක් සිංගප්පූරු ජාතිකයන්ට ඇතුලුවීමට අවසර හිමිවනු ඇති. අගමැති ස්කොට් මොරිසන් සහ සිංගප්පූරු අගමැති ලී සියෑන් ලුං අතර රෝමයේ පැවති හමුවකින් අනතුරුවයි මෙම නිවේදනය නිකුත් කෙරුණේ.

Read More »

ඔස්ටේ්‍රලියාව තුළ තවත් එන්නත් 02 කට අනුමැතිය / වැඩි වාසිය චීන – ඉන්දීය සිසුන්ට

ඔස්ටේ්‍රලියාව තුළ තවත් කොවිඩ් මර්දන එන්නත් 02 ක් හදිසි භාවිතය සඳහා Therapeutic Goods Administration (TGA) විසින් අනුමැතිය ලබා දී තිබේ. මේ අනුව ඉන්දීය නිෂ්පාදනයක් වන Covaxin සහ චීන නිෂ්පාදනයක් වන BBIBP-CorV සඳහා අනුමැතිය හිමිවේ. මෙම එන්නත් ලබාගෙන ඇති පුද්ගලයන්ටද ඒ අනුව ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර හිමිවනවා. TGA විසින් අනුමත කරන ලද එන්නතකින් මාත්‍රා 02 ම ලබාගෙන ඇති පුද්ගලයන්ට පමණක් ඔස්ටේ්‍රලියාවට පැමිණීම සඳහා අවසර ලැබෙනවා. ඒ අනුව ඉදිරියේදී දේශ සීමා විවෘත කිරීමත් සමග Covaxin සහ BBIBP-CorV යන එන්නත් ලබාගෙන ඇති පුහුණු

Read More »

අගමැති මොරිසන් අසත්‍ය ප්‍රකාශ කල බවට ප්‍රංශ ජනපතිගෙන් චෝදනා

සබ්මැරීන ගණුදෙනුව සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියා අගමැති ස්කොට් මොරිසන් තමන්ට අසත්‍ය ප්‍රකාශ කල බවට ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් චෝදනා කරනවා. අමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය සමග ඇතිකරගත් ආරක්ෂක ගිවිසුම හේතුවෙන්, මීට ඉහතදී ඩොලර් බිලියන 37 ක වටිනාකමකට සබ්මැරීන 12 ක් ප්‍රංශයෙන් මිළදී ගැනීමේ සැලසුම අත්හරින බව ඔස්ටේ්‍රලියාව පසුගියදා නිවේදනය කලේය. මීට ප්‍රංශයෙන් දැඩි විරෝධතා එල්ලවූ අතර ප්‍රංශ – ඔස්ටේ්‍රලියා සබඳතා මේ වනවිට කිසියම් ආකාරයක පලුදුවීමකට ලක්ව ඇත්තේ ද මෙම හේතුව මතයි. තමන්ට ඔස්ටේ‍රලියානු ජනතාව කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති

Read More »

NSW වැසියන්ට බූස්ටර් එන්නත දීම අද සිට / මාත්‍රා 02 ම නොමැති වික්ටෝරියානුවන්ට අද සිට විනෝදයට NSW යන්න බෑ

නිව් සවුත් වේල්ස් වැසියන්ට බූස්ටර් එන්නත දීම අද සිට ඇරඹේ. මාස හයකට පෙර දෙවන කොවිඩ් එන්නත ගත් NSW ප්‍රාන්තයේ වැඩිහිටියන්ට දැන් ඔසුසැල්වලින්, පවුලේ වෛද්‍යවරයාගෙන් සහ මහා පරිමාණ කොවිඩ් එන්නත්කරන මධ්‍යස්ථානවලින් තුන්වන කොවිඩ් මාත්‍රාව ලබා ගත හැකිය. පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද වැසියන්ට අද සිට Greater Sydney සහ ප්‍රාදේශීය NSW කලාප අතර සංචාරය කළ හැකිය. වික්ටෝරියා ප්‍රාන්තයේ  පූර්ණ කොවිඩ් එන්නත්කරණය නොලද වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින්ට විනෝදාස්වාදය සඳහා NSW ප්‍රාන්තය වෙත යාමට අද සිට නොහැකි වනු

Read More »