Search

NSW වැසියන්ට බූස්ටර් එන්නත දීම අද සිට / මාත්‍රා 02 ම නොමැති වික්ටෝරියානුවන්ට අද සිට විනෝදයට NSW යන්න බෑ

නිව් සවුත් වේල්ස් වැසියන්ට බූස්ටර් එන්නත දීම අද සිට ඇරඹේ.

මාස හයකට පෙර දෙවන කොවිඩ් එන්නත ගත් NSW ප්‍රාන්තයේ වැඩිහිටියන්ට දැන් ඔසුසැල්වලින්, පවුලේ වෛද්‍යවරයාගෙන් සහ මහා පරිමාණ කොවිඩ් එන්නත්කරන මධ්‍යස්ථානවලින් තුන්වන කොවිඩ් මාත්‍රාව ලබා ගත හැකිය.

පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද වැසියන්ට අද සිට Greater Sydney සහ ප්‍රාදේශීය NSW කලාප අතර සංචාරය කළ හැකිය.

වික්ටෝරියා ප්‍රාන්තයේ  පූර්ණ කොවිඩ් එන්නත්කරණය නොලද වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින්ට විනෝදාස්වාදය සඳහා NSW ප්‍රාන්තය වෙත යාමට අද සිට නොහැකි වනු ඇත.

පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ACT වැසියන්ට දැන් වික්ටෝරියා සහ NSW ප්‍රාන්තවල සංචාරය කළ හැකිය.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »