T20 ලෝක කුසලානයට යන ඔස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ

T20 ලෝක කුසලානය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ඔස්ට්‍රේලියා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කණ්ඩායමේ නායකත්වය පවරා ඇත්තේ මිචෙල් මාෂ් වෙතටයි.

ඇෂ්ටන් ඒගර්, පැට් කමින්ස්, ටිම් ඩේවිඩ්, නේතන් එලිස්, කැමරන් ග්‍රීන්, ජොෂ් හේස්ල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉංග්ලිෂ්, ග්ලේන් මැක්ස්වෙල්, මිචෙල් ස්ටක්, මාර්කස් ස්ටෝයිනිස්, මැතිව් වෙඩ්, ඩේවිඩ් වෝනර් සහ ඇඩම් සම්පා යන ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත්.

2024 T20 ලෝක කුසලානය අමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වීමට නියමිතයි.

ප්‍රවීණ පිතිකරු ස්ටීව් ස්මිත්, යොවුන් පිතිකරු ජේක් ෆ්‍රේසර්, පළපුරුදු ක්‍රීඩක ජේසන් බෙහ්‍රෙන්ඩෝෆ් සහ තුන් ඉරියව් ක්‍රීඩක මැට් ෂෝට් යන ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුලත් නොකිරීම විශේෂත්වයක්.

2022 දී ඔස්ට්‍රේලියාවේ පැවති අවසන් T20 ලෝක කුසලානයේ සිට T20I ක්‍රීඩා කර නොතිබුණද වමත් දඟ පන්දු යවන ඇෂ්ටන් ඒගර් නැවත කැඳවා තිබෙනවා.

මාර්කස් ස්ටෝයිනිස්, ටිම් ඩේවිඩ් සහ කැමරන් ග්‍රීන් තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස සංචිතයට එක්ව තිබෙනවා.

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »