
ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
දෙදරු මවක් වූ 30 හැවිරිදි මෙම කාන්තාව පසුගිය ජනවාරි 12 වනදා ශල්‍යකර්මයක් සඳහා හැම්ප්ටන් පාර්ක් කාන්තා සෞඛ්‍ය සායනයට සහභාගී වීමෙන් පසුවයි මියගොස් තිබුණේ.
ඇයගේ පවුලේ සාමාජිකයින් කියා සිටියේ සැත්කම අවසන් වූ විගස ඇයගේ හදවත ස්පන්දනය වීම නතර වූ අතර නැවත පණ ගැන්වීමට නොහැකි වූ බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ ගබ්සා කිරීම් සහ උපත් පාලන සේවා සපයන ප්‍රධාන පුද්ගලික සැපයුම්කරුවෙකු වන MSI හි වෛද්‍ය අධ්‍යක්ෂ පිලිප් ගෝල්ඩ්ස්ටෝන් පැවසුවේ පළමු මාස තුන ඇතුලත ගබ්සා කිරීම් සාමාන්‍යයෙන් ඉතා ආරක්ෂිත බවයි.
එය සිදු කළ හැකි ආරක්ෂිතම ක්‍රියා පටිපාටිය වන අතර මරණයක් සිදුවීම ඇදහිය නොහැකි තරම් දුර්ලභ බවයි ඔහු සඳහන් කළේ.

මෙම කාන්තාව මිය ගියේ කෙසේද යන්න හෝ ඇයගේ මරණය වළක්වා ගත හැකිව තිබුණේද යන්න පිළිබඳ තවමත් පරීක්ෂණ මට්ටමේ පවතිනවා.
මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය වෛද්‍ය නියාමක ඒජන්සිය විසින් මේ වන විට සායනයේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
නිර්වින්දන වෛද්‍ය ටෝනි චව් සහ සායන අධ්‍යක්ෂ සහ හිමිකරු මිචෙල් කෙනී පසුගිය මාසයේ වැඩ තහනමට ලක්වූ අතර නාරිවේද වෛද්‍ය රුඩොල්ෆ් ලෝප්ස් මේ වසර මුලදී වැඩ තහනමට ලක්වුණා.