තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

ලන්ඩන් ගිලන්රථ සේවයේ වෛද්‍යවරුන් විසින් කාන්තාවට ප්‍රතිකාර ලබා දී ඇති නමුත් එම අවස්ථාවේදීම ඇය මියගොස් සිටි බවයි ප්‍රකාශ වී ඇත්තේ.

එල්ල වූ තර්ජනය හේතුවෙන් ආයුධ සන්නද්ධ නිලධාරීන් එම නිවසට පැමිණ සුනඛයින් දෙදෙනෙකු ආරක්ෂිතව සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම සත්වයන් දෙදෙනා ලියාපදිංචි සුනඛයන් වන අතර මියගොස් ඇත්තේ සුනඛයින්ගේ හිමිකාරිය වූ කාන්තාව බව සඳහන්.

පසුගිය පෙබරවාරි පළමු වනදා සිට වලංගු සහතිකයක් නොමැතිව එංගලන්තයේ සහ වේල්සයේ මෙම වර්ගයේ සුනඛයන් අභිජනනය හෝ ළඟ තබා ගැනීම සාපරාධී වරදක් බවට පත් වුණා.

බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් ද XL Bully සුනඛයන් ප්‍රජාවන්ට අනතුරක් ලෙස ප්‍රකාශ කර අතර මෙම සුනඛයන් තහනම් කිරීමට රජය පියවර ගත්තේ ද මිනිසුන්ට එරෙහි ප්‍රහාර මාලාවකින් පසුවයි.

ලන්ඩනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලයට අනුව, 2023 වසරේදී සුනඛ ප්‍රහාර හේතුවෙන් මරණ 16 ක් සිදුවී ඇති අතර, එම සංඛ්‍යාව පෙර වසරවල තනි සංඛ්‍යාවලින් පැවති ගණනට වඩා තියුණු වැඩිවීමක්.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »