ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අනතුරුව සිංගප්පූරු ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය බැංකොක් වෙත හදිසි ගොඩබෑමක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් එක් ගුවන් මගියෙකු මියගොස් තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

ලන්ඩන් නුවර සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයේ මගීන් 211 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු ගමන් කර තිබූ බව සඳහන්.

Boeing 777 වර්ගයේ ගුවන් යානය දැඩි නිවර්තන ගිගුරුම් සහිත කුණාටු ඇතිවන ප්‍රදේශයක ගුවන් කලාපයට ඇතුළු වීමේදී මෙම දැඩි කැළඹීම ඇති වූ බව සඳහන්.

මේ අතර බැංකොක් ගුවන් තොටුපොළේ ප්‍රකාශකයෙකු පැවසුවේ යානයේ සිටින සියලුම මගීන්ට සහ කාර්ය මණ්ඩලයට හැකි සෑම සහයක්ම ලබා දීමට වෛද්‍ය කණ්ඩායම සූදානම්ව සිටින බවයි.

සාමාන්‍යයෙන් මිලියන ගණනක් ගුවන් ගමන් ක්‍රියාත්මක වන සමස්ත ලෝකය තුළ තුළ දැඩි කැළඹීම් වලින් සිදුවන තුවාල හෝ අනතුරු සාපේක්ෂව දුර්ලභ වනවා.

කෙසේවෙතත් ඇතැම් දරුණු කැළඹීම් මගින් බරපතල තුවාල හෝ කණගාටුදායක සිදුවීම් වාර්තා විය හැකි බවයි සාමාන්‍ය ගුවන් සේවා විශේෂඥයෙකු වන ජෝන් ස්ට්‍රික්ලන්ඩ් ප්‍රකාශ කළේ.

ලෝකයේ ඇතැම් සමහර ප්‍රදේශවල මෙවැනි කැළඹිලි ඇතිවීමේ ප්‍රවණතාව වැඩි වුව ද ඒ සම්බන්ධයෙන් පුර්ව තොරතුරු ලබා ගැනීමට ගුවන් කාර්ය මණ්ඩලයට සම්පත් පවතිනවා.

ගුවන් සේවා විශේෂඥයා පෙන්වා දෙන්නේ එවැනි කැළඹීමට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳව ද ගුවන් සේවා කාර්ය මණ්ඩල පුහුණු කර ඇති බවයි.

එමෙන්ම ගුවන් ගමනක් දිගු හෝ කෙටි වුවත් සම්පුර්ණ ගමන තුළ ආසන පටි තද කර තබා ගැනීමට ගුවන් සමාගම් නිර්දේශ කරන්නේ මෙවැනි හේතු මත බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »